ආදිවාසි නායකතුමත් සූම් තාක්ෂණයට එක්වෙයි

ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ට ජාතික පරිසර සභාවේ පැවැත්වෙන රැස්වීම් සඳහා එක්වීමට සූම් පහසුකම් ලබා දී ඇත.

ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් වෙත පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් උපදෙස් ලබා දී ඇති බවයි එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

ජාතික පරිසර සභාවේ සාමාජිකත්වය ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන්ට ද හිමිව ඇති අතර එලෙස ඔහුව සාමාජිකයෙකු ලෙස පත්කරගැනීමෙන් අනතුරුව මෙලෙස එම සාකච්ඡා සඳහා සහභාගී කරගැනීමට තීරණය කර ඇත.

Exit mobile version