කොළඹ ආනන්ද විද්‍යාලය සහ නාලන්දා විද්‍යාලය අතර පැවැත්වෙන 47වැනි ‘සුලෝහිත සංග්රාම’ එක්දින ක්‍රිකට් තරගය අනිද්දා ( 17 ) කොළඹ සිංහල සමාජ ක්‍රීඩාංගණයේ පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇති බව වාර්තා වේ.
මෙම තරගයේදී නාලන්දා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම සජිත විතානගේට හිමි වී තිබෙන අතර ආනන්ද කණ්ඩායම මෙහයවීම ඉරුත් ගිම්ශාන්ට හිමි ව තිබේ.
මහා ක්‍රිකට් තරගය අවස්ථා 26කදී ජයග්‍රහණය කිරීමට ආනන්ද විද්‍යාලය සමත් වී තිබෙන අතර අවස්ථා 15ක ජය නාලන්දා විද්‍යාලය සතු ව තිබේ.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම ජයග්‍රහණයක් වන 1996 එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කොට ලබන ඉරිදා දිනයට වසර 28ක් සැපිරීම හේතුකරගනිමින් මෙම තරගය නැරැඹීම සඳහා පැමිණෙන මාර්තු 17 දින උපත ලැබූවන්ට නොමිලේ ප්‍රවේශ පත්‍ර දීමට තීරණය වී තිබේ.
එමෙන්ම එදිනට තරගය නැරඹීමට පැමිණෙන 1996 වර්ෂයේ මාර්තු මස 17 දින උපත ලැබූ කිහිප දෙනකුට විශේෂ තිළිණ ලබාදීමට නියමිත බවට සුලෝහිත සංග්රාම ඒකාබද්ධ සංවිධායක කමිටුව නිවේදනය කර තිබූ බව සදහන්.