ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන් ප්‍රකාශ කරන්නේ මේ වන විට ඖෂධ ආනයනික සමාගම් සතුව පවතින ඖෂධ තොග ප්‍රමාණවත් වන්නේ තවත් මාස දෙක හමාරක වැනි කාලයකට පමණක් බවයි.
ඖෂධ ආනයනකරුවන් පෙන්වා දෙන්නේ ආරක්ෂිත තොග පවත්වා ගනිමින් ආනයනික ඖෂධ සඳහා ඇණවුම් ලබාදීම් සිදුකළ ද ණයවර ලිපි විවෘත කිරීමේ දී ඇතිවන ප්‍රමාදය හේතුවෙන් ඉදිරියේ දී ඖෂධ සම්බන්ධයෙන් ද අර්බුදකාරී තත්ත්වයක් ඇති විය හැකි බවයි.