ආනයනික භාණ්ඩ 05කට උපරිම සිල්ලර මිලක්

ඊයේ (01) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙරටට ආනයනය කරනු ලබන භාණ්ඩ හා නිෂ්පාදන 05ක් සඳහා උපරීම සිල්ලර මිලක්  සඳහන් කල යුතු බවට නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

නිවේදනයේ සඳහන් ආකාරයට ආනයනය කරනු ලබන චොකලට්, රසකැවිලි,බිස්කට්, කේක්, සුවඳ සබන් සඳහා එලෙස උපරිම මිලක් සඳහන් කළ යුතු වේ.

ඒ අනුව එම භාණ්ඩ දිවයිනට ඇතුළු වන ස්ථානයේදීම අදාළ ආනයනකරු විසින් අදාළ භාණ්ඩය මත උපරිම සිල්ලර මිල , ආනයනකරුගේ නම සහ ලිපිනය ඉංග්‍රීසි භාෂාවෙන් පැහැදිලිව සඳහන් කළ යුතු බව ගැසට් නිවේදනයේ සඳහන් වේ.

Exit mobile version