ආන්දෝලනාත්මක තැපැල් කාර්‍යාලය හෝටලයක් කරනවාට සුද්දොත් එරෙහි වෙයි

මෙරටට පැමිණ සිටින විදේශීය සංචාරකයන් පිරිසක් ඓතිහාසික වටිනාකමක් සහිත නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සංචාරක හෝටලයක් බවට පරිවර්තනය කිරීමේ ජනාධිපතිවරයාගේ තීරණයට එරෙහිව විරෝධය පළකර මින් තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ඉදිරියේ විරෝධතා පුවරු ඔසවාගෙන ඔවුන් පවසන්නේ නුවරඑළියේ සංචාරකයන් වෙනුවෙන් ඕනෑතරම් හෝටල් පහසුකම් පවතින බවයි.

වාර්තා වන ආකාරයට මෙවැනි ඓතිහාසික උරුමයක් සහිත ‘රාජකීය තැපැල් ගොඩනැගිලි’ ඇත්තේ එකක් පමණක් බවත් අනාගතය වෙනුවෙන් මෙම උරුමය ආරක්ෂා කරගත යුතු බව මෙම සංචාරකයෝ පෙන්වාදෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා නුවරඑළියේ සිදුකළ සංචාරයකදී මෙම තැපැල් කාර්යාල පරිශ්‍රය සුපිරි හෝටලයක් බවට පරිවර්තනය කළයුතු බව අවධාරණය කර තිබේ.

ඒ වෙනුවෙන් මෙම ගොඩනැගිල්ල ලබාදිය නොහැකි නම් තැපැල්පතිවරයා‘ගෙදර යෑමට’ සූදානම් විය යුතු බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබේ.

Exit mobile version