අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් වූ ජනතාව සඳහා අවශ්‍ය සහන කඩිනමින් සපයන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දී ඇත.
ජනාධිපති මාධ්‍ය අංශය පවසන ආකාරයට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහය ඇතිව අදාළ සම්බන්ධීකරණ කටයුතු සිදු කරන ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත.
එසේම අදාළ සහනාධාර කටයුතු සඳහා අවශ්‍ය මූල්‍යමය පහසුකම් මුදල් අමාත්‍යාංශය විසින් සපයනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කර ඇත.