“ආපදා කළමනාකරණයත් ආපදාවක”

ආපදා කළමනාකරණය වෙනුවෙන්  පිහිටා ඇති ආයතන සහ වගකිව යුතු රාජ්‍ය ආයතන සහ නිලධාරීන් මේ වන විට රට පුරා සිටින පීඩිත ජන හඩ වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටී. ප්‍රධාන වශයෙන්ම පවතින ජල හිඟයට අවශ්‍ය ජලය ප්‍රවාහනය සඳහා තම උපරිම දායකත්වය ලබාදෙන බව දක්නට ලැබේ.

කෙසේ නමුත් පවතින ජල හිඟයට හැකිතාක් විසදුම් ලබාදීම සඳහා අවශ්‍ය ප්‍රමාණයට ජල බවුසර් හිගකමින් ජනතාවට ජලය ලබාදීම ක්‍රමවත්ව සිදුකිරීමට අපහසුව තිබෙන බවට දිවයිනේ නන් දෙසින් අපට වාර්තාවේ.

රට පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල  ඇති සියලුම ග්‍රාමසේවා වසම් වලට ජලය බෙදා දීමට සිදුව තිබේ. ඒ අතර ශ්‍රී ලංකා යුධ හමුදාවද ඇතැම් විට ත්‍රිවිධ හමුදාවද තම ජල බවුසර් යොදාගෙන ජනතාවට අවශ්‍ය ජල පහසුකම් ලබාදෙමින් සිටී. ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ප්‍රාදේශීය සභා වලින්ද මේ වනවිට එය සිදු කෙරෙමින් පවතී.

එබැවින් ජල බවුසර් මිලදී ගෙන හෝ කුලී පදනම මත ලබා ගැනීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට අවශ්‍ය අවසර ලබාදීමට අවශ්‍ය කටයුතු කළ යුතුව තිබේ. ඊට අමතරව ජල ටැංකි ආදිය ද ලබාදීම ඇතුළු නියඟයට හැකිතාක් මුහුණ දීමට අවශ්‍ය මිලදී ගැනීම් කර ගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන් හට බලය ලබාදිය යුතු බව අපට කළ සංචාරයන් වලදී හදුනා ගත හැකි විය.

කෙසේ නමුත් නියඟයෙනුත් මහජන මුදල් ගසා කෑමට ඉඩ නොලැබෙන අයුරින් එම කටයුතු විධිමත් විය යුතු බවද අවධාරණය කළ යුතුමය.

Exit mobile version