පවතින අර්බුධකාරී වාතාවරණය නිමා කරගැනීමට නම් සියලු පාර්ශ්වයන් මහජනතාව සමග එකතුව වැඩකල යුතුය. ඒ සදහා දේශපාලන අධිකාරීන්ද මහජනතාව සමග එකතුව ජාතික ප්‍රතිපත්තියක් සැකසිය යුතුව තිබේ. නමුත් එවැනි කටයුත්තක් සිදුවීමට යෝජනාවක්වත් දකින්නට නැත. නමුත් ලේ වැගිරීම්, නීතිවිරෝදී කටයුතු දිගින් දිගටම සිදුවන්නේ එසේ ප්රත්පත්තිමය වශයෙන් එකතු වීමට ශ්‍රී ලංකා පාර්ලිමේතුවේ මන්ත්‍රීවරුන්ගේ ඇස් අන්ධව තිබීමයි.
පසු ගියදා ආරක්ෂක අංශ විසින් ගාලු මුවෙදාර අරගලකරුවන්ට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ද “අරගලයේ අම්මාවරුන්ගේ සංවිධානය” එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයට පැමිණිල්ලක් කර තිබේ.
මේ වන විට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩකිරීම් පිලිබදව පැමිණිලි විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කරතිබේ. නමුත් එම පැමිණිලිවලින් අමාරුවේ වැටෙන්නේ රාජ්‍ය සේවකයන් ඇතුළුව ආරක්ෂක අංශ සාමාජිකයන් පමණි. එදින අලුයම සිදු වූ ප්‍රහාරය පිලිබඳව එදිනම උදෑසන ශ්‍රී ලංකා මානවහිමිකම් කොමිෂම් සභාව පැමිණ විමර්ශනය කර , මූලික අයිතිවාසිකම් කඩ වී තිබෙන බවට ද තීරණය කර තිබේ.
එදින සිදුවීම සහමුලින්ම නීතිවිරෝදී වන අතර එම පැමිණිල්ලට අනුව, හමුදා ඇඳුමට සමාන ඇඳුම්වලින් සැරසී ලී දඬු හා යකඩ පොලු රැගෙන ප්‍රහාරයට පැමිණි පිරිස් අරගල භූමියේ තිබූ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය සම්පූර්ණයෙන් ම විනාශ කොට එහි තිබූ ලැප්ටොප් පරිගණක ඇතුළු සියලු උපකරණවලට හානි කර තිබේ.
එහි වැඩි දුරටත් සදහන් වන්නේ, එහි සිටි තරුණ තරුණියන්ගේ ප්‍රයෝජනය සඳහා අපහසුතා මධ්‍යයේ රැස්කර තිබූ ජල ටැංකි, ජල පෙරන උපකරණ, ඇඳුම්, පොත්පත්, ඖෂධ වර්ග ඇතුළු අත්‍යවශ්‍ය බොහෝ දෑ විනාශ කර තිබෙන බවද අරගල භූමියේ රැඳී සිටි අඳ ගොළු බිහිරි තරුණ තරුණියන්ට හා ආබාධිත රණවිරුවන්ට පහර දීම සම්බන්ධවද අවධානය යොමු කරන ලෙසයි.
මෙම ප්‍රශ්න දිගින් දිගටම යාමෙන් සිදුවන්නේ රටක් ලෙස ජනතාවගේ අයිතිවාසිකම්වලට හානියක් සිදුවීම වන අතර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් කටයුතු නොකිරීමෙන් විවිධ ප්‍රජාවන් අතර තව දුරටත් ගැටුම් ඇතිව තවත් ප්‍රශ්න ගනනාවකට මුහුණ දීමට සිදුවීමයි.