ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ නිවාඩු අවලංගු කලද පැමිණීමට පොදු ප්‍රවාහන පහසුකම් නෑ. .ආහාර නොමැතිව දුගී ජනතාව පීඩා විඳිති.

රටේ පවතින තත්වය හේතුවෙන් සියලු ආරක්ෂක හමුදා සාමාජිකයන්ගේ නිවාඩු අවලංගු කර තිබෙන අතර නිවාස සහ කඩ සාප්පු මංකොල්ලා කන පුද්ගලයන්ට වෙඩි තැබීමටද මේ වන විට උපදෙස් ලැබී තිබේ.

කෙසේ වුවත් පවතින තත්වය මත ව්‍යාපාරික ස්ථාන වසා දමා තිබේ. එදාවේල සොයාගන්නා මිනිසුන්ගේ කුසට අහාර නැත. මාසික වැටුප් ලබන්නන්ට එය ගැටළුවක් නැත. ව්‍යාපාරික ස්ථාන කොල්ල කමින් ඔවුන් රැගෙන යන්නේ ආහාර නම් අප සියලුම දෙනාට හිතන්නට දෙයක් ඉතිරි කර තිබේ. ඒ අප රට මේ වන විට කොතරම් නම් බිඳවැටි තිබෙන්නේද යන්නයි.

ආරක්ෂක අංශ සාමාජිකයන් සියල්ලෝම කඳවුරු වලට කැදවා තිබේ. නමුත් ඔවුන්ට ප්‍රවාහන පහසුකම් නැත.

කෙසේ වුවත් මෙවැනි අවස්ථාවලදී තම කදවුරට පිටත්ව යාම සඳහා ප්‍රවාහන පහසුකම් නොමැති නම් ඔවුන් කල යුත්තේ  ලගම තිබෙන හමුදා කදවුරට හෝ පොලිස් ස්ථානයට වාර්තා කිරීමයි.  

Exit mobile version