අද දහවල් ජනමාධ්‍ය අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවේදී ආරක්ෂක ලේඛම් කමල් ගුණරත්න මහතා සහ ආරක්ෂක ප්‍රධානීන් පැවැත් වූ මාධ්‍ය සාකච්චාවේ මුල් ආරම්භය ඉතාම හොදින් රැගෙන පසුව පවතින අරගලය දේශපාලන සම්බන්ධයක් ඇති බවට යම් ඉඟියක් ලබා දීමත් සමගම අප මෙන්ම ජනතාව බලාපොරොත්තු වූ බේදයකින් තොරව ආමන්ත්‍රණය කිරීම මෙන්ම ස්වාධීනව ඉල්ලීම සිදු කිරීමට අපොහොසත් විය. සජීවීව තිබු එම සාකච්ඡාවද ජනතාව විහිළුවකට ගෙන තිබෙන්නේ කල යුතුව තිබු ප්‍රකාශය වෙනුවට දේශපාලන විචාරයක් ලෙස විපක්ෂ නායකවරයාත් අනුර කුමාර දිසානායක මහතාත් සංසන්ධනය කිරීමයි. කෙසේ වුවත් මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් බොහෝ දෙනෙකු ප්‍රශ්න ඇසීමට බලාපොරොත්තු වුවත් ඒ සදහා අපටවත් අවස්තාවක් නොලැබී ගියේය.
අපට පෙනුන ආකාරයට නම් සිදු වූ වැරදි මෙන්ම ඉදිර්යේදී කුමක් සිදුවේවිද යන්න පිලිබදව තේරුමක්, දැනුමක් හෝ ඒ පිලිබදව සාධාරණ සිතිවිල්ලක් හෝ ආරක්ෂක ලෙක්ම්වරයාට නොමැති බවයි. කෙසේ වුවත් පේන කියවීමට කිසිවෙකුට හැකියාවක් නැති නමුත් එකිනකාට වරද පැටවීමෙන් එය විහිළුවක් බවට පත් විය. මේ සිද්ධීන් සමගම ඇඳිරි නීතිය පැනවීමත් ඒ සමගම සියල්ලටම ඉහලින් සමාජ මාධ්‍ය හැසිරවූ ඉතාම විශිෂ්ඨ පුරවැසියනුත් ඉතාම වේගයෙන් ක්‍රියාත්මක වෙමින් රට සාමකාමී කිරීමට කටයුතු කරන ලදී. ඒ අතර වෙඩි තැබීම සදහා නියෝග දීම තව දුරටත් තත්වය සමනය කිරීමට සමත් විය.
කෙසේ වුවත් සියලුම දෙනා අවධානය යොමු කල යුත්තේ මේ වන විට ශ්‍රී ලංකාවේ තිබෙන තත්වයයි. රට හමුදා පාලනයකට නතු නොවන බවද පැහැදිලිය. එවැන්නක් වුවහොත් ශ්‍රී ලංකාවේ තත්වය යුක්රේනයට වඩා දරුණු වන බව ඉගෙන ගත යුත්තේ හයිටි රාජ්‍ය, සෝමාලියාව, ඇෆ්ගනිස්තානය, සූඩානය, මාලි වැනි මෑත යුගයේ විනාශ වූ රටවල් දෙස අවධානය යොමු කරමිනි. එසේම හමුදා රාජ්‍යයන් වලට මෙන්ම එම රටවල් වල සිටි හමුදා නායකයන්ට ද සිදු වූ දේවල් පිලිබඳව ශ්‍රී ලංකාවේ හමුදා නායකයන් සිතනු ඇති බවත් එතරම්ම මෝඩ නැතිව ඇති බවත් අප විශ්වාස කරමු.
මේ අතර නැවතත් යම් මෙහෙයුමක නිරතවීමට ආරක්ෂක අංශ කටයුතු කරන්නේ දැයි සැකයක් ඇති කරමින් ජනාධිපති මන්ධිරය ඉදිරිපිට තිබෙන සාමකාමී අර්ඝලයේ ජනතාවට ඉවත්වන ලෙස නිවේදනයක් නිකුත් කරන ලදී. නමුත් ආරක්ෂක ලේඛම්වරයා පැහැදිලිවම අද ප්‍රකාශ කලේ “ සාමකාමී උද්ඝෝෂණ කිරීමට හැකි” බවයි. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවට පහලින් තිබෙන හදිසි නීතිය විසින්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව සුරැකිය යුතුය. නීතිමය ප්‍රතිපාදන වලට පයින් ගසමින් කටයුතු කිරීමට ත්‍රිවිධ හමුදාපතිවරු මෙන්ම ආරක්ෂක ලේඛම්වරයා කටයුතු නොකරනු ඇති බවද විශ්වාස කල හැකිය. නමුත් එවැනි වාතාවරණයක් යටතේ මෙසේ නිවේදනය කිරීමෙන් නැවතත් ජනතාව ප්‍රචණ්ඩත්වයට පත්වෙමින් තිබෙන අතර, එම ස්ථානයේ කුමක් හෝ සිදු වුවහොත් සිදුවන විනාශය කොපමණදැයි කීමට මේ ලියුම්කරුටද හැකියාවක් නැත. එසේම එම ස්ථානයට ආහාර පාන සැපයීමද ආරක්ෂක අංශ විසින් තහනම් කර තිබේන බවද වාර්තා වේ. කෙසේ වුවත් පවතින ආරක්ෂක විධි විධාන අනුව එම ස්ථානයට පැමිණීමට ජනතාවට අවකාශයක් නොලැබීම නිසා එම චෝදනාව එල්ල කරනවා විය හැකිය.
නමුත් එම ස්ථානයේ සිටින පිරිස් ඉවත්කිරීම තුලින් ජනතාව ප්රචණ්ඩ වුවහොත් එම ගින්න තුලින් ආරක්ෂක අංශවලට පවා දැඩි හානියක් සිදුවිය හැකි අතර ඔවුන්ගේ ජීවිතද යම් තර්ජනයකට ලක් වනු ඇත. ආරක්ෂක ලේකම්වරයා ජනතාව සන්සුන් වන අකාරයෙන් කටයුතු කරන ලෙස මාධ්‍යවේදීන්ගෙන් මෙන්ම රටේ සියලු ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කලද, ආරක්ෂක අංශ විසින්ම ජනතාව ප්රචණ්ඩ කරන්නේ නම් එහි විපාකය විදීමට අපටද සිදුවේ.
එසේම ගාලුමුවදොර ප්‍රහාරය සිදුවීමට පැය දෙකකට ප්‍රචණ්ඩක්‍රියා සිදුවන බැව් අප වාර්තා කර තිබේ. ( පැරණි පුවත පහතින්) එබැවින් අප මේ මොහොතේද ඒ අකාරයෙන්ම සදහන් කරන්නේද, ඉදිරියේදී සිදුවන ප්‍රචණ්ඩක්‍රියා සිදුවිය හැක්කේ ආරක්ෂක සිදු කරන නීතිවිරෝදී කටයුතු නිසා බවයි. මේ වන විට ලොව රටවල් 86 ක් සමග සම්බන්ධ අපගේ පුවත් සේවය ආරක්ෂක අංශ ප්‍රධානින්ගෙන් ඉල්ලීමක් ලෙස කරන්නේද, මේ නිහඩ බවට ඉඩ දෙන ලෙසයි. එය සමනය වීමට ඉඩදෙමින් දේශපාලන දෑසින් මෙදෙස නොබලා රටක් ලෙස සිතා කටයුතු කරන ලෙසයි. එසේ නොමැතිව බලයෙන්, දේශපාලනයෙන් හෝ අනාගතයක් ගැන නොසිතා කටයුතු කිරීමෙන් එහි වන්දි ගෙවන්න වන්නේ ඔබට පමණක් නොවේ, සමස්ත ශ්‍රී ලංකාවටමය. ( ජායාරූපය උපුටා ගැනීම සමාජ මාධ්‍ය සමූහයන්ගෙනි.
ශ්‍රී නිශ්ශංක මායාදුන්න 0710866060