ආරක්ෂක ලේකම් කමල්ගේ ගෙදර නිවසේ වහලයෙන් වැටී හමුදා භටයෙකු මරුට.

ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේඛම් කමල් ගුණරත්න මහතාගේ නිවසේ වැඩට ගිය කුරුවිට ප්‍රදේශයේ හමුදා භටයෙකු කමල් ගුණරතන මහතාගේ නිවසේ වහලයෙන් බිමට වැටී මියගොස් තිබෙන බවටත්, එම සිද්ධිය යට ගැසීම සදහා ඔහු කටයුතු කරන බවටත් පුවතක් වට්ස් ඇප් සමූහයන් වල සීග්‍රයෙන් සංසරණය වෙමින් තිබේ.

සාමාන්‍යයෙන් සියලුම හමුදාවන් වල උසස් නිලධාරීන්ගේ නිවෙස්වල වැඩ සදහා හමුදා භටයන් යොදාගෙන තිබේ. නීතියට අනුව එය වැරදිය. නමුත් වැරදි දේ සිදු වේ. තම නිල නිවසේ සියලුම අලුත්වැඩියාවන් කල යුත්තේ අදාළ ආරක්ෂක හමුදාව මගිනි. එවිට ඒවා සිදුකරනුයේ අදාළ හමුදාවේ සිවිල් ඉංජිනේරු බලකායන් මගිනි. නමුත් පුද්ගලික නිවාසයන්වල වල වැඩකටයුතු සිදුකිරීමට පාර්ලිමේන්තුව මගින් සම්මතකරණ ලද නීතියකට අනුව විනා හමුදාවන් මට්ටමින් කල නොහැක.

කෙසේ නමුත් විවිද ආර්ථික දුෂ්කරතා තිබෙන පුද්ගලයන් වෙනුවෙන් ඉදිකරන සුදසාධක කටයුතු වැනි දේවල් සදහා සිදුකරන නව නිවාස ව්‍යාපෘති වැනි දේවල් කිරීම  සඳහාද  නීතියෙන් අවසර නැත. නමුත් හමුදා සේවකයන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන්  සිදුකරනු ලබන එවැනි කටයුතු සිදුකල යුත්තේ ඔවුන්ගේ චිත්ත ධෛර්ය වැඩි දියුණු කරමින් යහපත් හමුදා සේවයක් වෙනුවෙනි. එවැනි නිවාස ඉදිකිරීම් විශාල වශයෙන් සිදුවේ. එසේම සිවිල් ජනතාව වෙනුවෙන්ද ආරක්ෂක හමුදාවන් දැවැන්ත නිවාස ඉදිකිරීම් සිදුකරයි. කෙසේ වුවත් රජයේ නියෝග, සහ අවසර මත ඔවුන්ට බොහෝ දේ කිරීමට හැකිය.

මෙම මරණය සිදුව ඇත්තේ කුමන නිවස අලුත්වැඩියාවකදීද යන්න එම පණිවිඩය තුල සදහන් නොවේ. කෙසේ නමුත් ආරක්ෂක ලේඛම්වරයාගේ නිවසේ වැඩකට භාහිර පුද්ගලයන් ලබා ගැනීම ඔහුගේ ආරක්ෂාවට තර්ජනයකි. නමුත් එම සිද්ධිය යටපත් කිරීමට කටයුතු කරන්නේ නම් එය නොකළ යුත්තකි. එය ආරක්ෂක ලේකම්වරයා විසින් සිදුකරනු ලැබූ දෙයක් නොවන අතර අනතුරකින් සිදු වූ දෙයක් විය යුතුය. එබැවින් ඔහු කල යුත්තේ මිය ගිය හමුදා භටයා වෙනුවෙන් කල යුතු සියල්ලම සිදුකර දීමයි. එසේ නොමැතිව එම සිද්ධීන් යට ගැසීමට කටයුතු සිදුකිරීමෙන් ආරක්ෂක ලේඛම්වරයා වරදකරුවෙකු බවට පත් වේ.   

කෙසේ වුවත් මෙම පුවත අප විසින්ම සත්‍යාපනය නොකළ පුවතකි.

Exit mobile version