ආරක්ෂක ලේඛම්ට ප්‍රජාතන්ත්‍රවාදය මතක් වෙයි. මැයි 9 අරගලයට පහරදීම ගැන අමතක වෙයි.

ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් නීතිය හ සාමය ආරක්ෂා කිරීම සදහා අවශ්‍ය උපරිම බලය ගැනීමට නියෝග කල බව ප්‍රකාශ කරයි. එසේම මැයි මස 9 වැනිදා සිදු වූ සිදුවීම ද සිහි කරන ලදී.

 ඔහුගේ ප්‍රකාශය ඉතාම හොදය. නමුත් මැයි මස 9 වැනිදා මාර්තු 31 වැනිදා සිදු වූ නින්ධිත ප්‍රහාරයන් වලට ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබුනේ නම්. නමුත් ආරක්ෂක අංශයන් විසින් සිදුකල එම අපරාධයන් සදහා ක්‍රියාත්මක විය යුතු නීතිය තවමත් ක්‍රියාත්මක නොවීමද, එදා සිටම ජනතාව අරගල කරනුයේ පවතින ප්‍රශ්නවලට විසදුම් ලබා නොදීමද නිසාය.

හෙට ඇතිවීමට තිබෙන තත්වයන්ද ඔහු ප්‍රකාශ කරන ලදී. එසේ නම් හෙට සිදුවීමට තිබෙන අපරාධ ගැන ඔහු දැනුවත් නම් ඒවා කිරීමට සැලසුම් කර තිබෙන පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමට මේ වන විටත් කටයුතු කල යුතුව තිබේ. විවිධ බුද්ධි වාර්තා වලට අනුව ප්‍රකාශ කලේ නම් එම වාර්තාවල පැහැදිලිවන්ම ඒවා කිරීමට සැලසුම් කර තිබෙන්නේ කවුද යන්න තිබිය යුතුය.

ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය මතක කරන විටම පසුගිය කාලය තුල ප්‍රජාතන්තරවිරෝදී වැඩකළ පුද්ගලයන් ගැන නීතිය ක්‍රියාත්මක වුයේද?, ජනතාව මෙසේ අරගල කරන්නේ ඔබලා විසින් ගත යුතුව තිබු බොහෝ ක්‍රියාමාර්ග නොගැනීම නිසාය. නීතිය සහ සාමය රැකීමේදී සැමටම එකම ලෙස සමානව ක්‍රියාත්මක නොවූ නීතිය ගැන නැවතත් අවධාරණය කිරීමට පෙර අතීත කටයුතුවලදී සිදු වූ නීතිවිරෝදී කටයුතුවලට ගත යුතු ක්‍රියාමාර්ග ගත්තේද. ?. ඒවා සිදු නොවුයේ ඇයි?. එය ආරක්ෂක ලේඛ්ම්ගේ හදවතින්ම අසා දැනගත්තේ නම් වඩාත් උචිත වනු ඇත. එවිට ජනතාව කුපිත කරන්නේ කවුරුන්ද යන්න ඔබටම දැනෙනු ඇත. සම්පූර්ණ වීඩියෝව බලන්න

Exit mobile version