ආරක්ෂක ලේඛම්ට වන්දි ගෙවන්න චමුදිත හිඟා කයි!

ශ්‍රී ලංකාවේ මහජනතාවගේ ප්‍රධානතම ආරක්ෂකයා වන ඉහලින්ම තිබෙන රාජ්‍ය සේවයේ තනතුර වන්නේ ආරක්ෂක ලේඛම් තනතුරය. එය කිසිවෙකුගේ පුද්ගලික තනතුරක් නොවන අතර මහජන ආරක්ෂාව වෙනුවෙන්, මහජනයා සුරක්ෂා කිරිම වෙනුවෙන් මහජන බදු මුදල් ගෙවා පාලනය වන තනතුරකි. එවන් තනතුරක් අවභාවිතා කරන්නේ නම් ඔහු ත්‍රස්තවාදියෙකි.  රටේ ජනාධිපතිවරයාගේ සිට සියලුම වැසියන් රටේ වැසියන් වන අතර, ජනාධිපතිගේ ආරක්ෂාවේ සිට සමස්ත මහජනතාවම ආරක්ෂා කිරීමට අසමත් වූ ආරක්ෂක ලේඛම්වරුන් තව දුරටත් සේවයේ තබා ගැනීමෙන් වර්තමාන ජනාධිපතිවරයාටද සිදුවන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදු වූ දෙයම සිදුවීමයි. ඉන් කියවෙන්නේ බලය වෙනුවෙන් ඔවුන්ට ඕනෑම කටයුත්තක් කල හැකි බවයි.

මහජනතාවගේ ඉහලම ආරක්ෂක නිලධාරියා වන ආරක්ෂක ලේඛම් තනතුර වර්තමානයේ උසුලන්නේ විශ්‍රාම ගිය පසුත් උසස්වීම් ලබා ගත් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතාය. ඔහුට අපහාසයක් වූ බවට පවසමින් පුද්ගලයන් තිදෙනෙකුට එරෙහිව නඩුපැවරීමට කටයුතු කරන බවට ඔහු විවිධ මාධ්‍ය වෙත ප්‍රකාශ කල බවට පුවතක් පලවෙන ලදී. එම පුවතට අනුව එහි සිටින ප්‍රසිද්ධතම පුදගලයා වන්නේ ජේෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාය.

මහජන ආරක්ෂාව අනතුරේ හෙලමින් , රාජ්‍ය විරෝදී කුමන්ත්‍රණ වලට සෘජුවම දායකත්වය ලබා දී, මහජන ආරක්ෂාවට දැඩි හානියක් සිදුකල වර්තමාන ආරක්ෂක ලේඛම්වරයා විසින් ඉල්ලන රුපියල් මිලියන 500 ක වන්දි මුදල ගෙවීම සදහා, චමුදිත සමරවික්‍රම මහතා සිඟමන් යදින කාටූන් චිත්‍රයක් මේ වන විට සමාජ මාධ්‍ය තුල සංසරණය වෙමින් පවතී. කැමරා දෙක දෙපැත්තේ තබාගෙන කොට් එක ඇදගෙන මහපාරේ වාඩි වී සිටින  ඔහුට සුදු ඇදගත් පිරිසිදු මිනිසුන් පැමිණ මුදල් ලබා දෙන බව ඉන් පෙන්නුම් කෙරේ. ඒ ආසන්නයේම සැබෑම යාචකයෙකුද සිටින බව පෙනෙන අතර සුදු ඇදගෙන පැමිණ මුදල් ලබා දෙන්නේ දේශපාලඥයකු බවටද සිතිය හැකිය.

කෙසේ වුවත් දේශපාලන පත්වීම් තාවකාලික වන අතර තමන්ට බලය අහිමි වූ දිනයක ඔවුන්ට එරෙහිව යාම නීතිවිරෝදී ලෙස පලිගැනීම් සිදුවන විට, ඔවුන් වෙනුවෙන්ද පෙනී සිටින්නේ වරද වරදක් ලෙස පෙන්වා දෙන මාධ්‍යවේදීන් පමණක් බවත්, බලය තිබෙන කල ඔවුන්ට එහෙයියන් ලෙස සිටින කිසිවෙකුත් ඔවුන්ට නොමැති බවද ඔවුන්ගේ හිස් මොළවලට තේරෙන්නට තරම් බුද්ධිය මෝරා නැත. එසේ නොමැති නම් බලයෙන් උන්මත්තක වූ විට ඔවුන්ට අනාගතය නොපෙනෙනවා විය යුතුය. වර්තමාන ආරක්ෂක ලේඛම්වරයාට බලය අහිමි වූ දිනයක, ඔහුට විරුද්ධව යෙදෙන පැමිණිලි සහ නඩුවලටද ඒ අකාරයෙන්ම මුදල් සෙවීමට ඔහුටද සිදුවනු ඇත. අද චමුදිතට පලවන කාටූන් චිත්‍රය, හෙට කමල් ගුණරතන මහතාට ඇදෙන්නේ සත්‍ය ලෙසම විය හැකිය. එබැවින් මේ කාටූන් හෝ බලා තම තමන්ගේ මොලය පාදා ගැනීම කාගේ කාගේත් අනාගතයට යහපතක් වනු ඇත.  

Exit mobile version