පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතාට ආරක්ෂක ලේඛම් කමල් ගුණරත්න මහතා සහ යුධ හමුදාධිපතිවරයා පාර්ලිමේන්තු පරිශ්‍රය තුලදි තර්ජනය කල බවට අද (06) පාර්ලිමේන්තුවේදී කතානායක වරයාට පැමිණිළිකරන ලදී.
යුධ හමුදාවේ සේනා ශක්තිය අඩුකිරීම පිළිබදව පැවති පාර්ලිමේන්තු කාරක සභාවේදී යුධ හමුදාවේ සේනාව අඩුකිරීම නොව කල යුත්තේ හමුදාවල්වල ඉහල නිලධාරීන්ගේ දුෂණ වංචා අඩුකිරීම බව පෙන්වා දුන් බවත්, එහිදී ආරක්ෂක ලේඛම් කමල් ගුණරත්න මහතා සහ යුධ හමුදාධිපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ විසින් තර්ජනය කල බවත්, මන්ත්‍රීවරයාගේ හඩට ඇහුන් කන් නොදුන් බවත්, ඔහුට කතා කිරීමට ඉඩ නොදුන් බවත් ප්‍රකාශ කරන ලදී.
එහිදී වැඩි දුරටත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කලේ හමුදාවේ විශ්‍රාම ගොස් තිබෙන බොහෝ නිලධාරීන්ට අවුරුදු ගණනාවක් ගියත් විශ්‍රාම වැටුපත්, පාරිතෝශිකත් ලැබී නැති වුවත්, ආරක්ෂක ලේඛම්වරයා සහ යුධ හමුදාධිපතිවරයා වාහන විශාල ප්‍රමාණයකින් ගමන්කරනා බවයි. එසේම යුධ හමුදාධිපතිවරයාගේ නිවසේ වත්ත සැකසීම සදහා රුපියල් ලක්ෂ 800 ක් වියදම් කර තිබෙන බවද පෙන්වා දෙන ලදී. ආරක්ෂක ලේඛම්වරයාගේ තවත් වංචා, දුෂණ ප්‍රකාශ කිරීමට ගොස් එය මේ අවස්ථාවේදී ප්‍රකාශ නොකරන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කෙළේය.
එසේම සිවිල් ගුවන් සේවා අධිකාරියේ රැස්වීම් වලට යන විට ආරක්ෂක ලේඛම්වරයා යාමට පෙර 15 ස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ගොස් පරික්ෂා කර නැටුමක් නටන බව ද පෙන්වා දෙන ලදී. පෙරහැර යන අතර තුර අලි යන බවත් ආරක්ෂක ලේඛම්ට ඉදිරියෙන් බල්ලෝ දෙදෙනෙකු රැගෙන සොල්දාදුවන් දෙදෙනෙකු යන බවත්, ඊට පසුපසින් වාහන යනබවත් මේවා මහජනතාවගේ මුදල් බවත් ප්‍රකාශ කළේය. එසේම ඔහුගේ ගමේ පන්සලට පැමිණීමට පෙර සිය ගණනාවක ආරක්ෂක බලඇණියක් පැමිණි බවත්, පන්සලේ හාමුදුරුවන්ට කෑම දී ගැනීමටත් නොහැකි වූ බවත් පෙන්වා දෙන ලදී. මේ අකාරයෙන් කටයුතුකරනා විට රට බංකොලොත් වන බවත්, යුද්ධ කල රණවිරුවන්ට ගරු කරනා බවත්, නමුත් ඒ වෙනුවෙන් නිලධාරීන් කිහිප දෙනෙකුට සැප දීමට කටයුතු නොකරනා බවද පෙන්වා දුන්නේය.
කමල් ගුණරත්න මහතා හෝ විකුම් ලියනගේ යන මහත්වරුන් පවතින නීතින් නොදන්නා බවත්, ඒවාට ගරු නොකරනා බවත් හැඟී යන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පනත කඩා තිබෙන බවද පෙන්වා දෙන ලදී. එසේ කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුට දඩුවම් ලබා දිය යුතු කාරණයක් බවද ඔහු පෙන්වා දුන්නේය.
පාර්ලිමේන්තු ඉතිහාසය තුල සිදු වූ එවැනි සිදුවීමක්ද ඔහු පෙන්වා දුන්නේය. පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද නීතියද පෙන්වා දුන් ඔහු මේවා කතා කරනුයේ රට වෙනුවෙන් බවත්, රට වෙනුවෙන් කතා කිරීම වැලැක්වීම සදහා පෞද්ගලික උපකාරක පන්තිකරන ස්ථානයක වැඩකරපු ආරක්ෂක නිලධාරියෙක් වන ඔහුට පාර්ලිමේන්තුවට පැමිණ තර්ජනය කරමින් කටවල් වැසීමට නොහැකි බවද ප්‍රකාශ කළේය.
ජාතික ආරක්ෂාව පිළිබදව ආංෂික අධීක්ෂණ කමිටුවේ සමාජිකයෙක් හැටියට සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතාටද චෝදනාවක් එල්ල කළේය. ඔවුන්ගේ හැසිරීම්වලට අනුව ජනතාවගේ බලාපොරොත්තු සුන්ව යන බවද ඔහු පෙන්වා දෙන ලදී. ඒ අනුව වරප්‍රසාද කඩවීම පිළිබදව පැමිණිල්ල ඉදිරිපත්කරන ලදී.
පැමිණිල්ල –
පාර්ලිමේන්තුවේදී මා විසින් යුධ හමුදාවේ ඉහල නිලධාරීන්ගේ වාහන භාවිතය සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයක් පිළිබඳව, 2023 10 05 වැනි දින පැවති ජාතික ආරක්ෂාව පිළිබඳව ආංෂික අධීක්ෂණ කමිටුවේදි ආරක්ෂක ලේඛම්වරයා සහ හමුදාපතිවරයා විසින් තර්ජනාත්මක ප්‍රතිචාර දක්වන ලදී. (මන්ත්‍රීවරයෙක් ප්‍රශ්නයක් අසයි) “කමිටුව ඇතුලේ. පාර්ලිමේන්තුව ඇතුලේ. හැසිරුනේ නිකන් ඕනි නම් ගහන්නත් තිබුණා. මන් ඇහුවා , මේ අතින් පයින්ද කියලා. එහෙමත් පුළුවන් කීවා. පාර්ලිමෙන්තුවේදී. හැසිරීම, සතෙක් වගේ. රස්තියාදුකාරයෙක්ද, ලේඛම්වරයෙක්ද?, එහෙම හැසිරුනේ. එහිදී සන්නද්ධ හමුදාවන් ලක්ෂයකට අඩුකිරීම සඳහා වන යෝජනාව සම්බන්ධයෙන් මා අදහස් දක්වමින් සාමාන්‍ය සෙබළුන්ගේ රැකියා කප්පාදු කරනවට වඩා හමුදාවේ ඉහළ නිලධාරීන්ගේ අනවශ්‍ය වියදම් සීමා කිරීම තුලින් ආරක්ෂක වියදම් අඩු කිරිම කාලෝචිත වන බව තමයි මම ප්‍රකාශ කලේ. එම අවස්ථාවේදී ජාතික ආරක්ෂාව පිළිබදව ආංෂික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා විසින් මා හට අදහස් දැක්වීමේ අවස්ථාවද ලබා නොදුන් අතර ආරක්ෂක ලේඛම්වරයා සහ හමුදාධිපතිවරයා විසින් දිගින් දිගටම මා වෙත තර්ජනාත්මකව ප්‍රතිචාර දක්වන ලදී. පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද අනුව පාර්ලිමේන්තු සභා ගර්භය තුලදී සිදු කරන ලද අදහස් දැක්වීමක් සම්බන්ධයෙන් කිසිදු බාහිර පුද්ගලයෙකුට ඒ සම්බන්ධයෙන් තර්ජනය කිරීමට හැකියාවක් නොපවතී. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසත් ජාතික ආරක්ෂාව පිළිබදව ආංෂික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකයෙකු ලෙසත් කාරක සභාවේදී අදහස් දැක්වීමත් පාර්ලිමේන්තු පරිශ්‍රය තුලදීම බාහිර පුද්ගලයන්ගේ තර්ජනයන්ට ලක් වීමත් මාගේ මන්ත්‍රී වරප්‍රසාද කඩවීමක් බැවින් මේ පිළිබදව සොයා බලා නිසි පියවර ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි”.
එසේම එදින සිදු වූ පටිගත කිරීම ආරක්ෂා කරන ලෙසද, වරප්‍රසාද කඩ වූ බවට වාර්තා කරන ලෙස ඉල්ලු විට කාරක සභාවේ සභාපති සරත් වීරසේකර එය වාර්තා කිරීමේ තීන්දුව ඔහුට ගත නොහැකි බවට ප්‍රකාශ කල බවද, වාර්තා කිරීමට ඉඩ නොදෙන බවද ඔහු ප්‍රකාශ කල බවද සඳහන් කළේය. නමුත් මන්ත්‍රී සරත් වීරසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට නොතේරෙන බවත්, ඔහු පාර්ලිමේන්තුවට නවකයෙක් බවත්, එදින ප්‍රකාශයන් පටිගත වී තිබෙන බවත්, එය ආරක්ෂා කරන ලෙස නියෝග කරන ලෙසත් ඉල්ලා සිටියේය. එසේම ශ්‍රේෂ්ඨාධිකරණය මගීන් දඩුවම් ලැබිය යුතු වරදක් වන මෙය වහාම විභාග කරන ලෙසත්, දැනටත් හමුදාධිපති කියන පුද්ගලයා කාලය ඉවරවෙලා දේශපාලන හුරතල් නිසා සේවා දිගුවක් ලබාගෙන සිටින පුද්ගලයෙක් බවත්, මේ අයට මේ අකාරයෙන් හැසිරීමට ඉඩ නොතැබිය යුතු බවත්, අපේ ආරක්ෂාව පාර්ලිමේන්තුව බලා ගන්නා ලෙසත්, මැරුවත් මිනිස්සු වෙනුවෙන් කතා කරන එක මෙම හෙන්චයියලට නැවැත්විය නොහැකි , ඔහු රජයේ නිලධාරියෙක් නොවන බවත්, දේශපාලඥයෙකුගේ හෙන්චයියෙකු බවද ප්‍රකාශ කළේය.