වර්තමාන ආරක්ෂක ලේඛම් කමල් ගුණරත්න මහතා යටතේ තිබෙන අරමුදල්වලින් මුදල් වියදම්කර තිබෙන ආකාරය සෙවීම සඳහා ඔහු කෝප් කමිටුවට කැඳවීමට නිර්දේශ ඉදිරිපත්කිරීමට නියමිත බවත්, එය ඉදිරි දරන කිහිපය තුල සිදුවන් බවත් ඉහල පෙළේ දේශපාලාන ආරංචි මාර්ග සදහන් කරයි.
“අපි වෙනුවෙන් අපි අරමුදල”, “යලි දකිමු දිඝවාපිය”, “සඳහිරු සෑය” ආදී ගිණුම්වලින් අයතා ගනුදෙනු සිදුව තිබෙන බවට රජයට පැමිණිලි ඉදිරිපත් කර තිබේ. එම පැමිණිලිවලට අනුව විශේෂ කාරක සභාවක් හරහා එම මූල්‍යමය ගනු දෙනු සෙවීමටත්, රාජ්‍ය විගණනයකට යටත් කිරිමටත් අවශ්‍ය කටයතු සිදුවෙමින් පවතීන බවද සදහන් කළේය.
තවද කමල් ගුණරත්න මහතා එක්වරම ධානපතියෙක් වුයේ කෙසේද යන්න සොයන ලෙස බොහෝ දෙනෙකු ඉල්ලා තිබෙන බවත්, එය සෙවීම සදහා අල්ලස් හෝ දුෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවට සහ මූල්‍ය අපරාධ ඒකකයට පැමිණිලි කිරීමට කටයුතු කරමින් සිටින බව ජනාධිපති ලේඛම් කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි. ඒ සදහා ඉල්ලීම් ගණනාවක්ම ඉදිරිපත්ව තිබෙන බවද වාර්තා වේ.
ඒ අනුව ඉදිරි මාස කිහිපය තුල ආරක්ෂක අංශයන් වල ප්‍රබල වෙනසක් සිදුකිරීමටද නියමිතව බව ද ආරංචි මාර්ග සදහන් කරයි.