ආරච්චිකට්ටුව මයියාව ප්රදේශයේදී යතුරුපැදියක් දුම්රියේ ගැටීමෙන් කාන්තාවක් සහ කුඩා දරුවන් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
සිය දරුවා සහ වෙනත් දරුවෙකු උපකාරක පන්ති කරා රැගෙන යමින් සිටි මවක් පැදවූ යතුරුපැදිය මෙලෙස අද පස්වරුවේ දුම්රියේ ගැටී ඇති බව සදහන්.
ආරච්චිකට්ටුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.