ආර්ථික මධ්‍යස්ථාන තවත් දින 2ක් විවෘතයි.

හෙට (01) සහ අනිද්දා  (02) දිනයන්වලදී දිවයින පුරා සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබෙන අතර තොග වෙළඳුන් සඳහා පමණක් සියලු ආර්ථික මධ්‍යස්ථාන හෙට අලුයම 04.00 සිට විවෘතව තැබීමට නියමිතය.

පසුගිය 20 වෙනිදා රාත්‍රියේ සිට දිවයින පුරා බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ අතර ඒ හේතුවෙන් මුල්වරට පසුගිය 25 සහ 26 යන දිනයන්හි ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට රජයෙන් අනුමැතිය ලබා දී තිබුණි.

යළිත් පසුගිය 28 සහ 29 දෙදින තුළ ද ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබීමට කටයුතු කරන ලද්දේ ගොවීන්ට සිය අස්වැන්න අලෙවි කරගැනීමට නොහැකි වීම හේතුවෙනි.

නැවතත් නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 06 වන දා දක්වා දීර්ඝ කිරීම හේතුවෙන් මහජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීම සඳහා හෙට සහ අනිද්දා දෙදින තුළ ද ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබීමට රජය තීරණය කර ඇත.

මැනිං පොදු වෙළඳ සංගමයේ අනිල් ඉන්ද්‍රජිත් මහතා වෙළඳුන්ගෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් එහි පැමිණෙන  ලෙසට ඉල්ලීමක් කරයි.

Exit mobile version