ගෝලීය වශයෙන් පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ ලෝක සංචාරක කවුන්සිලය විසින් ආසියානු කලාපයේ සංචාරය සඳහා සුදුසු ආරක්ෂිතම රට වශයෙන් ශ්‍රී ලංකාව නම් කර ඇති බව සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මිය පවසයි.
විදේශිකයින් සඳහා රට විවෘත කිරීමත් සමග නව වසරේ ගත වූ දින 11ක කාලය තුළ දී මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 31,688ක් ලෙස සඳහන් වේ.
කෙසේ නමුත් ගතවූ මාස 03ක කාලයේ දී මෙරටට සංචාරකයින්ගේ පැමිණීමේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි.
ඒ අනුව ඔක්තෝම්බර් මාසය තුළ දී සංචාරකයින් 22,771ක්, නොවැම්බර් මස 44,294 සහ දෙසැම්බර් මස 89,506ක් වැනි සංචාරකයින් පිරිසක් මෙරට පැමිණ ඇති බව වාර්තා වේ.