ආසියානු ශූරතාදිනාගත් ශ්‍රී ලංකාක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම අද උදෑසන දිවයිනට පැමිණඇත.
අද (13) අලුයම 12.50ට පමණ 06 වන වරටත් ආසියානු ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම මලයාසියාවේ ක්වාලාලාම්පූර් සිට කටුනායක ගුවන්තොටුපොළ වෙතපැමිණ ඇත.
එහි දී ක්‍රීඩා සහ තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහළ දිසානායක මහතා විසින් ඔවුන් පිළිගනු ලැබීය.
මේත් සමග 06 වන වරටත් ආසියානු ශූරයින් බවට පත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ද අද උදෑසන දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.
ඔවුන් පිළිගැනීම සඳහා ද විශේෂ උත්සවයක් කටුණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සංවිධානය කර තිබූ අතර මෙසේ දිවයිනට පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් රථ පෙළපාලියකින් කටුනායක සිට කොළඹ තෙක් කැඳවාගෙන ඒමට නියමිතව ඇත.
මෙම රථ පෙළපාලිය උදෑසන 06.30ට කටුනායක ගුවන්තොටුපොළෙන් ආරම්භ වන අතර කොළඹ -මීගමුව මාර්ගයේ පෑලියගොඩ හන්දිය, මරදාන හන්දිය, ඩාලි පාර, යුනියන් පෙදෙස, ඇලෙක්සැන්ඩ්රා පාර ඔස්සේ නිදහස් මාවතට පැමිණීමට නියමිත අතර එම ස්ථානයන්හිදී විශේෂ පිළිගැනීමේ උත්සව ද සංවිධානය කර ඇත.
එමෙන්ම මෙම ශූරයින් වෙනුවෙන් ඔවුන් දිරිමත් කිරීමට ජාතික කොඩි අතැතිව ගමන් මඟ දෙපස රැඳී සිටින ලෙසද ජනතාවට ආරාධනා කරන්නෙමු.