ආසියානු ශූරයින් පිළිගැනීමට පැමිණි ක්‍රීඩා අමාත්‍යවරයාට එල්ල වූ විවේචනවලට පිළිතුරු දෙයි.

පසුගියදා ආසියානු ක්‍රිකට් ශූරයින් සහ දැන් පන්දු ශූරයින් පිළිගැනීම සඳහා කටුනායක ගුවන්තොටපොළේ දී සූදානම් කර තිබූ උත්සවය සඳහා සහභාගී වූ ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා ට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචන එල්ල වී තිබුණි.

ඊට පිළිතුරු දක්වමින් අමාත්‍යවරයා ඊයේ (16) මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ කුමන විවේචන පැමිණිය ද ඒවාට නොසැලී ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ කැපවීම, අධිෂ්ඨාණය, ජයග්‍රහණය ඔහුගේ අවශ්‍යතාවය වන බවයි.

Exit mobile version