අහාර සුරක්ෂිතතා නවතම ශ්‍රේණිගත කිරීම් යාවත්කාලීන කිරීමේ වාර්තාව ලෝක බැංකුව විසින් නිකුත් කර තිබේ.
වාර්තාවට අනුව නාමික ආහාර මිල උද්ධමන ලැයිස්තුවේ 7 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පැමිණ තිබෙන බව වාර්තා වන අතර සියයට 74ක් ලෙස එහි අගය සදහන් වේ.
එහි අගය සියයට 321ක් ලෙස සටහන් තබා උද්ධමන වගුවේ ඉහලින්ම ඇත්තේ සිම්බාබ්වේ රටයි.
රට සෑම අතකින්ම පහළටම වැටෙන තත්ත්වයක් තුළ ඉහළට යා හැකි වී ඇත්තේ මෙවැනි සෘණාත්මක පැතිකඩ වලින් පමණකි.මෙම තත්ත්වය තවදුරටත් දරුණු වනවා යන්නෙන් අදහස් වන්නේ රටේ ජනතාවට කුසගින්නේ සිටීමට පවා සිදු වන බවයි.