ආහාර ගබඩාවක් කොල්ල කයි.

උස්වැටකෙයියාව අලුත් අක්කරය ප්‍රදේශයේ පිහිටි ආහාර ගබඩා සංකීර්ණයට ඇතුළු වී එහි සිටි ආරක්ෂක නිලධාරියාට ද පහර දී ඔහු ගබඩාවේ කාමරයක සිර කර ගබඩාවේ තිබූ වියළි ආහාර තොගයක් සොරකම් කර පලාගොස් සිටි සැකකරුවන් පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

ගබඩාවේ තිබූ පරිප්පු , කඩල , කොත්තමල්ලි , සූදුරු , අබ යන වියළි ආහාර බහාලුම් 5 ක පටවා ගෙන රැගෙන යන ආකාරය ගබඩා සංකීර්ණයේ තිබූ CCTV කැමරාවක සටහන්ව තිබූ බව සදහන් කරයි.මෙම සොරකම් කළ වියළි ආහාර වල වටිනාකම රුපියල් කෝටි 3 කට අධික බව කියයි.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 8 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් බණ්ඩාරකොස්වත්ත , කටුනායක , පෑලියගොඩ , කුලියාපිටිය , හෙට්ටිපොල යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් බවත් වාර්තා වේ. එමෙන්ම මෙම සොරකම සදහා අනුබල දුන්නා යැයි කියන ප්‍රධාන සැකකරිය සහ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් පමුණුගම පොලීසිය වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරන බව වාර්තා වේ.

Exit mobile version