මෙරට ජනාධිපති මන්දිරය ඇතුළු පරිපාලන ස්ථානවල තිබී හඳුනා ගැනෙන ඇඟිලි සලකුණු ගුවන්තොටුපොළ වෙත යැවූ පසු ඒවායේ හිමිකරුවන් කිසිවකුටත් රටින් පිටව යෑමට හැකියාව නොලැබෙන බව හිටපු මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර මහතා ඊයේ (27) පාර්ලිමේන්තුවේදී සදහන් කළේය.
කිසියම් හෝ හේතුවකින් ඔවුන් වරදකරුවන් වුව හොත් පොලිස් වාර්තාවක්වත් ලබා ගැනීමට ඉඩ නොලැබෙන බවද රජයේ හෝ ආරක්ෂක අංශයේ රැකියාවකට ඔවුන්ට තබා පරම්පරාවේ කිසිවකුටත් යෑමට නොහැකි වනු ඇති බවද සදහන් කළේය.
මෙම අරගලයේ යෙදී සිටින තරුණයන්ට එසේ ප්‍රකාශ කරමින් හෝ සමාජය යහපත් කිරිමට හැකි නම් එය විශේෂ වාටිනාකමක් ඇති කරයි. මේ අරගලයට හේතුව සාධාරණ බවද සදහන් කල ඒ මහතා වර්තමාන අරගලයට දැඩි විවේචනයක් එල්ල කළේය.
කෙසේ වෙතත් ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ දැක්ම එය නොවන අතර ඔවුන්ගේ අවශ්‍යතාවය විදේශගත වීම හෝ රජයේ රැකියාවක් ලබා ගැනීම නොවේ. ඔවුන්ගේ අවශ්‍යතාව නම් “ ඔවුන්ට ජීවත් වීමට රටක්” දෙන ලෙසයි. වර්තමාන තාරුණ්‍ය ඉල්ලන්නේ කුමක්ද යන්නවත් නිසි ලෙස තේරුම් අරගෙන එයට අවශ්‍ය දේවල් ඉටු නොකොට වෙනත් උපක්‍රමවලින් ඔවුන්ව හිරකිරීමෙන් සිදුවන්නේ ඒවා සිදුකරනු ලබන පොලිස් නිලධාරීන්ට එරෙහිවද නඩු වැටීමයි. එසේම පොලිස් දෙපාර්තමේන්තුවේ සමහර නිලධාරීන් දැඩි ලෙස අපරාධ කරන බව අමුතුවෙන් සටහන් කිරීමට දෙයක් නැත.
එබැවින් මේ වයස් කාණ්ඩයන් දෙකේ වෙනස සහ වැඩි වයස් ඛණ්ඩය බලය තුලින් සැබෑ ප්‍රශ්න යටපත් කරන බව පෙනී යයි. නමුත් කිසිම දිනයක ඒවා යටපත් කල නොහැකි අතර නැවත නැවත මතුවෙමින් සමාජයේ ගැටුම් ඇති කරයි.