වාද්දුව කන්දඋඩවත්ත ප්රදේශයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක ප්රදර්ශණාගාරයේ ගින්නක් හටගෙන තිබේ.
වාද්දුව පොලීසිය පැවසුවේ අද (20) පෙරවරුවේ මෙම ගින්න හටගත් බවයි.
මහල් තුනකින් යුත් එහි දෙවන මහලේ ගින්න හටගෙන තුන්වන මහලට සහ පළමු මහළට ගින්න පැතිරී එහි විදුලි උපකරණ සහ රෙදිපිළි මුළුමනින්ම විනාශ වී තිබේ.
ගින්න නිවීම සදහා කළුතර නගර සභාවේ ගිනිනිවන රථ දෙකක් යොදා ගින්න පාලනය කිරීමට කටයුතු කර තිබේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි.