අද (06) දහවල් හදිසියේම මීගොඩ පරණ පාර ප්රදේශයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවකයන් 30 දෙනකු රෝහල් ගත කර තිබේ.
වාර්තා වන ආකාරයට ලබාගත් ආහාර විෂ වීම හේතුවෙන් ඔවුන් රෝහල් ගත කළ බව මීගොඩ පොලිසිය පවසා තිබේ.
එම රෝගීන් අතුරින් 17 දෙනකු හෝමාගම මූලික රෝහලටත් 13 දෙනකු පාදුක්ක දිසා රෝහලටත් ඇතුලත් කර තිබේ.
හෝමාගම මූලික රෝහලේ ප්රකාශකයෙකු පවසා තිබුනේ රෝහල් ගත කල රෝගීන්ට ක්ලාන්තය හිස රුදාව සහ මුඛයෙහි ආසාදන තත්වයන් පවතින බවත් දහවල් ආහාර වේලෙහි තිබූ බල මාලු කැබැල්ලක් නිසාවෙන් මෙම තත්වය ඇති වන්නට ඇති බව සැක පල කරන බවයි.