රාජ්‍ය සේවකයින්ගේ පැමිණීම සහ පිටවීම සටහන් කිරීමට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන , ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන්.රංජිත් අසෝක මහතාගේ අත්සනින් යුතුව පසුගිය 12 වනදා නිකුත් කළ අතර එම ක්‍රමය අද (15) සිට අනිවාර්ය කර තිබෙන බව වාර්තා වේ.
කොවිඩ් වසංගත කාලයේදී මෙම ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතය තාවකාලිකව අත්හිටුවා තිබූ අතර ඇතැම් සේවකයන් එයින් වාසි ලබා ගත් බවට තොරතුරු අනාවරණය වීමත් සමඟ මෙම පියවර ගත් බව රාජ්‍ය පරිපාලන , ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කර තිබේ.