ඇතැම් ගොවීන් කාබනික පොහොරින් මහකන්නයේ වගා අරඹයි

බොහෝමයක් ගොවි ජනතාව රසායනික පොහොර ඉල්ලමින් උද්ඝෝෂණවල නිරතවන පසුබිමක මේ වන විට ඇතැම් ප්‍රදේශවල ගොවීන් කාබනික පොහොර යොදාගනිමින් මහකන්නයේ ගොවිතැන් කටයුතු ආරම්භ කර ඇත.

බකමූණ – දමනයාය ප්‍රදේශයේ සහ පොළොන්නරුව මහවැලි බී කලාපයේ දිඹුලාගල ගොවීන් සිය වගා කටයුතු ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ඇලවේලි සකස් කිරීම ආරම්භ කර ඇත.

එමෙන් ම මහවැලි එච් කලාපයේ ගොවීන් ද කාබනික පොහොර භාවිතයෙන් වගාකටයුතු ආරම්භ කිරීම සඳහා සූදානමින් සිටියි.

Exit mobile version