ඇන්ටාක්ටිකාවේ කලාප රැසක කුරුලු උණ.

ඇන්ටාක්ටිකාවේ කලාප රැසක කුරුලු උණ ව්‍යාප්ත වෙමින් පවතින බවට විදෙස් මාධ්‍ය පවසයි.

ඒ හේතුවෙන් එහි පවතින පෙන්ගුයින් ජනපදවලට වැඩි බලපෑමක් එල්ලවී ඇති බවද මෙම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙයි.

ඇන්ටාක්ටිකාව පුරා කුරුලු උණ රෝගය එනම් H5N1 වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වූයේ පසුගිය මාසයේදීය.
  
එතැන් පටන් එය මුහුදු ලිහිණියන් වැනි කුරුල්ලන් අතර මෙන්ම පෙන්ගුයින් සත්ත්වයින් අතර ද ව්‍යාප්ත වෙමින් පවතින බවටද ඉන් අනතුරුව වාර්තා වි තිබේ.

මෙය මාරාන්තික තත්ත්වයක් වීමේ අවදානමක් පවතින බවට විද්‍යාඥයින් මේ වනවිට අනාවැකි පළකර තිබේ.

පර්යේෂකයින්ට අනුව අන්ටාක්ටිකාවෙන් පළමුවරට කුරුලු උණ වැලඳුණු කුරුල්ලන් හඳුනාගෙන ඇත්තේ ඇන්ටාක්ටිකා ප්‍රධාන භූමියෙනි.

එලෙස කුරුලු උණවැලදී තිබුණේ ස්කුවා මුහුදු ළිහිණියන් අතරය.

Exit mobile version