ඇමති චාමර සිමෙන්ති සභාපති සමග ගැටෙයි!. සභාපති ත්‍රීවීල් එකෙන් ගෙදර යයි!

ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ සභාපති ජගත් ධර්මප්‍රිය මහතා අද (17) ඇමති චමාර සම්පත් සමග ගැටුමක් ඇතිකරගෙන තම නිල රථයද දමා ත්‍රීවීල් රථයකින් නිවස බලාගිය පුවතක් වාර්තා වේ .

සිමෙන්ති සංස්ථාවේ හිටපු සභාපති, නීතිඥ ගාමිණි ඒකනායක මහතා ඇමති චාමර සම්පත්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලිකලේ ඔහුගේ වංචා, සහ දුෂණ තිබෙන බවටය. එම හිටපු සභාපතිවරයාගේ සමයේ වැඩ තහනම් කරන ලද කාන්තාවක් සමග එක්ව නීතිඥ ගාමිණි ඒකනායකට එරෙහිව මාධ්‍ය සාකච්චාවක් කරන ලෙස වර්තමාන සභාපතිවරයාට බලකර තිබේ. එහිදී අදාල කාන්තාව හරහා ගාමිණි ඒකනායක විසින් ලිංගික අල්ලස් ඉල්ලු බවට මාධ්‍යට ප්‍රකාශ කරවන ලෙස සභාපති ජගත් ධර්මප්‍රියට බලකර තිබේ.

කෙසේ නමුත් ජගත් ධර්මප්‍රිය මහතා එයට විරෝධය එල්ලකර තිබේ. ඉන් අනතුරුව ඔවුන් දෙදෙනා අතර වචන හුවමාරුවක් සිදුව තිබෙන බවද ආයතන ආරංචි මාර්ග සඳහන් කරයි. එසේම මේ සියල්ලම සිදුව තිබෙන්නේ දුරකථන ඇමතුමකිනි. කෙසේ හෝ අවසානයේ වර්තමාන සභාපතිවරයා තම නිල රථයද දමා ත්‍රීවීල් රථයකින් තම නිවස වෙත ගිය බව වාර්තා වේ. මෙම සිද්ධිය පිලිබඳව විමසීම සඳහා ජගත් ධර්මප්‍රිය මහතා සම්බන්ධ කර ගැනීමට අප උත්සාහ කලත් ඔහුගේ ජංගම දුරකථනය දිගින් දිගටම විසන්ධි කර තිබීම හේතුවෙන් එය ව්‍යර්තව ගියේය. එසේම මෙම සභාපතිවරයාද චාමර සම්පත් විසින්ම පත්කරගන්නා ලද නිලධාරියෙකි.   

(මෙම පුවතෙහි යම් වරදක් තිබේ නම් එය නිවැරදි කරගැනීමට අමාත්‍යවරයාට සහ අදාල සභාපතිවරයාට අවශ්‍ය ඉඩකඩ මෙම වෙබ් අඩවියේම වෙන් කර තිබේ)

Exit mobile version