පසුගිය දින කිහිපයේ වැඩ වර්ජනයක යෙදුනු ශ්‍රී ලංකාවේ විදුලි බල මණ්ඩල සේවකයන්ගේ වැඩ තහනමට ලක් කරන ලෙස අමාත්‍ය කාංචන විජේසේකර ලබා දුන් නියෝගයට විදුලි සමිති ප්‍රතිචාර දක්වා තිබේ.
28000 ක් පමණ වන සේවකයන්ගෙන්, 20000 ක් පමණ නිවාඩු දමා උද්ඝෝෂණයට සම්බන්ධ වූ අයගේ වැඩ තහනම් කරන්නේ කුමන පදනමකින්දැයි, විදුලි සමිතියේ ලේඛම් රන්ජන් ජයලාල් ප්‍රශ්න කරයි.
එහිදී ඔහු තව දුරටත් ප්‍රකාශ කලේ අමාත්‍යවරයා කම්කරු නීතිය නොදන්නා බවත්, ඔහු යොමුකර තිබෙන්නේ ලිපියක් නොව කැලෑ පත්තරයක් බවයි.