ඇමති මඩුල්ලේ තීන්දු තීරණ. (වීඩියෝ)

අමාත්‍ය මණ්ඩල තීරණ පිලිබද හමුවක් අද (20) දින අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මාධ්‍ය වෙත ඉදිරිපත් කරන ලදී.

මෙහිදි අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් මහරගම පිටිපන පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය පිලිබදව ඇති වූ නවක වද හා අනෙක් ක්‍රියා පිලිබද පූර්ණ වාර්තාවක් කැබිනට් මන්ඩලයට ඉදිරිපත් කර තිබිණ.

එහි පිලිතුරු ලෙස නැවත විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට බෞද්ධ ආගමික නායකත්වය විසින් දෙනු ලබන මග පෙන්වීම් යටතේ ආරම්භ කරන බවට ජනාධිපති තුමා විසින් උපදෙස් දී ඇත.

එමෙන්ම වරාය නගරයේ පෝට්සිටි සදහා වීසාක්‍රම තුනක් හදුන්වා දී ඇත.තවද ජනාධිපති තුමා විසින් කෙටුම්පතක් ඉදිරිපත්කර පවසා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා රාජ්‍යය නිලධාරීන්ට අවබෝදයෙන් තීරන ගැනීමට හැකිවන පරිදි ආර්ථික විද්‍යාව හා වෙළද කටයුතු පිලිබද පුහුනුවක් ලබා ගැනීම ඉතා වැදගත් බැවින් ඒ සදහා ආයතනයක් පිහිටු වීමට තීරනයක් ගෙන ඇති බවයි.

තවද වැවිලි කර්මාන්ත හා කෘෂි කාර්මික අරමුදල අතර ගිවිසුමකට එලබ ඇති අතර එහිදී පැවති ග්‍රාමීය මූල්‍ය ක්‍රමය යටතේ පැවතුන ක්‍රියාවලිය 2022.12.31 වනදින අවසන් කිරීමට තීරනය කර ඇතිමුත් එයට තවත් මිලියන 172.35 ක මුදලක් ණය වශයෙන් ඉදිරිපත් කිරීමත් සමග එම දිනය 2023.6.30වන දින දක්වා දීර්ග කලබව ද මෙම සාකච්ඡාවේ දී සදහන් වුනි. තවද මොණරාගල දිස්ත්‍රික්කයේ විදේශ කටයුතු පුහුනු මධ්‍යස්ථානයක් පිහිටු වීමටද කැබිනට් අනුමැතිය හිමි වී ඇත.එමෙන්ම විදේශගත ලාංකිකයන්ගේ කටයුතු සදහා කාර්යාලයක් පිහිටු වීමට අලී සබ්රී මහතා කටයුතු කර ඇති බවද සදහන් කෙරුනි.

වැඩි දුරටත් අමාත්‍ය වරයා සදහන් කර සිටියේ කදුකර ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් රාජ්‍යය ආයතන හා වැවිලි කර්මාන්ත එක්ව ඔවුන්ගේ ජීවන මට්ටම නගා සිටුවීමට සොයා බලා කටයුතු කරන බවයි.

තවද මේ වසරේ ශ්‍රී ලංකා මහා බැංකු පනත් කෙටුම්පත සකස් කිරීමද එහි වර්තමානයට ගැලපෙන පරිදි ශ්‍රී ලංකා මහාබැංකුවේ කටයුතු ඉතා කාර්‍යක්ෂමව කරගෙන යෑමට හැකිවන පරිදි කෙටුම්පත සකස් කර ඇති බව මෙහිදී වැඩිදුරටත් අමාත්‍ය වරයා විසින් ප්‍රකාශ කරන ලදි.

Exit mobile version