ඇමති මනූෂට නුවරඑළියෙන් මල් මිටක්

විදේශ රැකියා නියුක්තිකයන්ගේ කාර්යාලයක් නුවරඑළිය දිස්ත්‍රික්කයට ලබා දෙන ලෙස කරන ලද ඉල්ලිම අද දින ඉටුවිම පිලිබදව සතුටට පත්වන බව ප්‍රිඩ්‍රෝ ආයතනයේ විධායක අධ්‍යක්ෂ මයිකල් ජෝකිම් මහතා පවසයි.


මාධ්‍ය වෙත මේ පිලිබදව වැඩි දුරටත් කරුණු දැක්වු මයිකල් ජෝකිම් මහතා නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතු කරය නියෝජනය කරමින් විදේස රැකියා සදහා පිටව යන පිරිසට එම වැඩ කටයුතු කර ගැනිමට කොළඹට යාමේදි විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙනවා එම නිසා මේ පිලිබදව අවදානය යොමු කර නුවරඑළිය දිස්ත්‍රික්කයට විදෙස් සේසා නියුක්තිකයන්ගේ කාර්යාලයක් ලබා දෙන ලෙස අපි ඉල්ලිමක් කලා.


මේ සදහා අත්සන් පනස් දහාසක සන්දේශයක් බාර දිමටත් පියවර ගත්කා එමෙන්ම ප්‍රිඩ්‍රෝ ආයතනයේ ලමා සමාජය විසින් කොළඹ පැවති සංක්‍රමකියන්යේ දින උත්සවයකදි නාට්‍යක් මගින් උද්ඝෝෂණයක් කර මේ පිලිබදව ඉල්ලිමක් කලා.


එම අවස්ථාවට එක්ව සිටි කම්කරු හා විදේශ රැකියා ඇමති මනුෂ නානායක්කාර මහතා මේ පිලිබදව දැඩි අවදානයක් යොමු කරලා ඉතාමත් කෙටි කාලයකදි මෙම දිස්ත්‍රික් කාර්යාලය පිහිටුවිමට පියවර ගැනිම සතුටට කරුනක්.


මොකද මෙතරම් ඉක්මනින් නුවරඑළියට දිස්ත්‍රික් කාර්යාලක් ලැබෙයි කියලා අපි හිතුවේ නැහැ එත් මනුෂ නානායක්කාර ඇමතිතුමන් එය ඉතාමත් කෙටි කාලයක් තුලදි ඉටු කර දිමට පියවර ගැනිම පිලිබදව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ ජනතාව වෙනුවෙන් හා වීශේෂයෙන් වතු කම්කරුවන් වෙනුවෙන් එතුමන්ට ස්තුතිය පුද කිරිමටත් පියවර ගන්නවා.

Exit mobile version