ඇමති හරීන් ප්‍රනාන්දු ඉන්දීයාවේදී කර තිබෙන ප්‍රකාශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද උල්ලංඝණය කරන රාජ්‍ය විරෝධී ප්‍රකාශයකි. අප ශ්‍රී ලාංකිකයන් ලෙස වෙනත් රාජ්‍යයක කොටස්කරුවන් බවට පත්වීමට නම් ස්වාදීන රාජ්‍ය පාලනයක් ලෙස රට පවත්වාගෙන යාමෙන් පලක් නැත. රටේ පවතින නීතියට අනුව එසේ ප්‍රකාශ කරන්නේ සහ ඒවාට ආවඩන්නේ රාජ්‍ය නොහොත් රටට එරෙහිව වැඩ කරන අයයි. හරීන් පමණක් නොව මෙරට බොහෝ දේශපාලකයන් වෙනත් රටවල් වලට ලංකාව පාවා දී තිබේ.
හරීන්ට මෙන්ම ශ්‍රී ලංකාව පෙනෙන්නේ පාපන්දුවක් ලෙස වුවත් රටේ දේශ හිශෛීන් එයට දැඩි සේ විරුද්ධ ය. හරීන් පමණක් නොව රාජපක්ෂලා මෙන්ම වර්තමාන රජයේ ඇමතිවරු රටේ වටිනා සම්පත් පිට රටවල් වලට විකුණා තිබේ. හරීන්ගේ මජර ප්රකායට වඩා බරපතල ලෙස රට තුල ඉංදියානු ආක්‍රමණයක් සිදු වේ. ඒ මෙරට පාලකයන් එම ආක්‍රමණයට ඉඩ දී සිටින බැවිනි. රටට ආදරය කරන දේශපාලන නායකයන් සිටින්නේ නම් එය එසේ විය නොහැක. රටේ ජනතාව ඔවුන්ට ඡන්දය දුන්නේ රට විකිණීමට නොවේ. රටේ සම්පත් විකුණා රට හදන්න සිතන පාලකයන් යනු , කිසිවක් නොදන්නා දුෂිත පාලකයන්ය. දශක කිහිපයක් තිස්සේ අප එය අත්විඳිමින් සිටිති.
හරීන් පමණක් නොව, ඉංදියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ පවා එම තනතුරෙන් ඉවත්කල යුතුය. ඔහු රටට එරෙහිව සිදුකරන ක්‍රියාවලිය අප මීට පෙරද පෙන්වා දී තිබේ. රනිල් රට හදන්න කොපමණ උත්සාහ කලත් , ශ්‍රී ලංකාව වැනසු දුෂිතයන්ගේ සෙවනැලි ලෝකය පුරා ව්‍යාප්තව සිටී. එබැවින් රාජ්‍යයේ සියළු පාලන වෙනස් විය යුතුය. අත්තෙන් අත්තට පනින දේශපාලන කුරුල්ලන්ට රටක් ගොඩ නැගිය නොහැක.
හරීන් පමණක් නොව රටේ සම්පත් පිට රටවල් වලට විකුණන, දේශීය ව්‍යාපාර විනාශ කරමින් සහල්, බිත්තර මෙන්ම දේශීය දේ පිටරටින් ගෙන්වන, ගෙන්වී මට අනුමැතිය දෙන සියලුම දෙනා රටට හෙන හත ගෙන දුන් අයයි. එබැවින් ඔවුන් සියළුම දෙනා රටේ පාලනයෙන් ඉවත්කල යුතු අයයි. ඔවුන්ගේ මෙම දුෂිත ක්‍රියාවලින් සිදුවන්නේ අනාගත පරපුර ඉංදියාව සමග යුද්ධයකට පැටලීමයි. අනාගතය ගැන නොසිතන නායකයන් ලංකාවට, ඉංදියාවට පමණක් නොව ලෝකයටම සාපයකි.
පසුගිය සඳුදා රැස් වූ කැබිනට් මණ්ඩයේදී එක් ඇමතිවරයෙක් හරීන්ගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට උත්සාහ කර තිබුණි. ඇමතිවරු ප්‍රශ්න කිරීමෙන් පලක් නැත. සියල්ලෝම කල යුත්තේ අනාගත විනාශය වැලැක්වීමයි. එම ප්‍රශ්න කිරීම යටපත්කරගෙන වෙනත් කරුණු මතු කිරීමට තවත් ඇමතිවරු පිරිසක් ක්‍රියා කර ඇති බව තහවුරු නොකල වාර්ථා පෙන්වා දෙයි.
වාල්මිකීගේ රාමායණයේ ඉතිරි කොටස ලිවීමට ශ්‍රී ලංකාවේ පාලකයන් ඉංදියාවට උපකාර කරමින් සිටී. ආත්මාර්ථකාමී පාලකයන් එම කූට උපායට උඩ ගෙඩි දෙමින් සිටී. අප සැමදා ලියන්නා සේ ඔවුන්ට ලංකාවෙන් වැඩක් නැත. අවශ්‍ය මුදල් පමණි. දේශපාලන ගැති සියලු ශ්‍රී ලාංකිකයන් මේ සියල්ලේම චුදිතයන්ය. කෙසේ වුවත් ඉංදියාවේ වර්තමාන නායකයන්ද මිය ගිය පසු බිහිවන ඔවුන්ගේ මෙන්ම අපගේද අනාගත පරපුරවල් යුද්ධයකට නොපැටලෙන ලෙස කටයුතු කිරීමට වගබලා ගත යුතුය.
රනිල් වික්‍රමසිංහ මහතා ලෝක ඉතිහාසය හොඳින් කියවා තිබේ. වර්තමාන තත්වය අනාගතයේ දෙරට අතර යුද්ධයකට අත වැනිය හැකි බව ඔහු හඳුනාගෙන සිටිය යුතුය. ලෝක මානව ඉතිහාසය හොඳින් හැදෑරූ ඕනෑම අයෙක් ඒවා හොඳින් හඳුනති. කුමන දේශපාලන ගැති පුද්ගලයෙක් වුවත් හොඳින් කලත්, නරකින් කලත් විදේශීය ආක්රමණවලට විරුද්ධව බව මනාව දක්නට තිබේ.
කෙහෙළිය බන්ධනාගාරයේය. හරීන්ටද එතැන උරුම විය යුතු බව අප නොලියන්නෙමු. හරීන්ට වඩා හොර රහසේම රටේ කොටස් විදේශයන්ට විකුණු , ඒවාට අනුමැතිය දුන් අය සිටිති. ඔවුන් සියල්ලෝටම සිපිරිගෙදර උරුම විය යුතුය. ඔවුන්ටත් වඩා දැඩි දඩුවම් ලැබිය යුත්තේ ඔවුන් පත්කල ලංකාවේ මිනිස්සු ය. ඒ පැත්තෙන් බලන විට අප පාලක දේශපාලන නායකයන්ට දොස් තබා පලක් නැත.
එසේම හරීන්ටද දඩුවම් කල යුතුය. රංජන් රාමනායක සේ වාචාල කියවමින් රටක් නිර්මාණය කල නොහැක.
එවන් පසුබිමක් තුල හරීන්ගේ එම ප්‍රකාශයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටද තවත් කණ්ඩායමක් කටයුතු කරමින් සිටින බව රාවණා තොරතුරු ජාලය වාර්තා කරයි.
කෙසේ වුවත් ලංකාව දුප්පත් වුවත්, රට පාවා දෙන අයගේ ඉරණම කෙසේ විසඳේවිද යන්න අප නොදනී. නමුත් අප එක දෙයක් දනී. අතීතයේ සුද්ධා රට ආක්‍රමණය කලේද පාවා දුන් මිනිසුන් නිසාය. අදද හෙටද එසේමය.
කෙසේ වුවත් සොබා දහම ශ්‍රී ලාංකිකයන් වෙනස් කරමින් සිටී. රට වැනසු සහ වනසන උදවියට සොබා දහම දඩුවම් දෙමින් සිටී. සොබා දහම ගැන නුගත් පාලකයන්ට වැටහේවා. එය වටහා ගෙන යතා පරිදි කටයුතු කිරීමට සිත් පැහැදී, වෙනත් දේශයන් සමග නොගැටෙන රටක් බිහිකරන්නට මොලේ පෑදේවා යන්න රාවණා පරපුරේ අපේ පැතුමයි. ඉදිරි අවුරුදු හය ලංකාවේ බොහෝ දේ වෙනස් වන කාලයක් බවට සොබා දහම පෙන්වමින් තිබේ.