ඇමරිකානු වසංගත රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය විසින් එරට වැසියන්ට කොවිඩ් අවදාන සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙස දැනුම් දීමක් කර ඇත.
ශ්‍රී ලංකාව මේ වන විට කොවිඩ් අවදානමේ 04වෙනි මට්ටමට නැතිනම් ඉහළම අවදානම් රටවල් අතරට පැමිණ ඇති බැවින් මෙලෙස දැනුම්දීමක් සිදුකර ඇත.
ජැමෙයිකාව සහ බෘනායි යන රටවල්ද ශ්‍රී ලංකාවට අමතරව ඉහළ අවදානම් රටවල් අතරට ඇතුලත් කර ඇත.
ඔවුන් සඳහන් කරන්නේ අත්‍යවශ්‍ය කටයුත්තකට උවද ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම අපේක්ෂා කරන්නේ නම් පූර්ණ එන්නත්කරණයට ලක්වූ අයෙක් විය වුතු බවයි.
ඇමෙරිකානු වසංගත රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව තුළ පවත්නා වත්මන් කොවිඩ් – 19 වෛරස ව්‍යාප්තිය හමුවේ පූර්ණ එන්නත්කරණයට ලක් ව පුද්ගලයින්ට ද වෛරසය ආසාදනය වීමේ හැකියාව මෙන් ම පැතිරවීමේ හැකියාවද ඇති බවයි.