ඇමරිකාවේ වෙසෙන ශ්‍රි ලාංකියන්ගෙන් ගුවන් හමුදාව වෙත ප්‍රධානයක් .

ඇමරිකාවේ මිසුරි ප්‍රදේශයේ වෙසෙන ශ්‍රි ලාංකියන්ගේ මුල්‍ය දායකත්වයෙන් කොවිඩ්-19 ආසාදිතයින් හට ප්‍රතිකාර කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නිෂ්පාදනය කරනු ලබන තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකයන් නිෂ්පාදනය කිරිමට අවශ්‍යය උපකරණ තොගයක් ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෙත ප්‍රධානය කිරිම ඇමරිකානු ශ්‍රි ලංකා සංගමයේ සභාපති මාහාචාර්‍යය රවින් කොඩිකාර මහතා විසින් ඊයේ (21) ගුවන් හමුදා මුලස්ථානයේදි  සිදු විය. 

ශ්‍රි ලංකා ගුවන් හමුදා කටුනායක මුලික කඳවුරු සාමාන්‍ය ඉංජිනේරු පක‍ෂාංගය හා ගුවන් හමුදා රත්මලාන මුලික කදවුරු විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු පක්ෂාංගය එක්ව නිෂ්පාදනය කරනු ලබන මෙම තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකයන් මගින්  කොවිඩ් රෝගීන්ගේ ස්වසන අපහසුතාවය මගහරවා ගැනිමට ඉමහත් දායකත්වයක් දක්වනු ලබන අතර එමගින් රෝගින්ගේ ජිවිත බේරා ගැනිමට සුවිශේෂි කාර්‍ය භාරයන් සිදු කරනු ලබන මෙම ඒකකයේ  නිශ්පාදනය වැඩි කිරිම සදහා ඇමරිකා ශ්‍රි ලංකා සංගමය විසින් මෙම පරිත්‍යාගයන් සිදු කරන ලදි.

 මෙම පරිත්‍යාගයන් සිදුකිරිම සදහා සියළු සමිබන්ධිකරන කටයුතු   ඇමරිකා ශ්‍රි ලංකා සංගමයේ ලේකමි අයුෂා අමරකෝන් මහත්මිය විසින්  සිදු කර ඇති අතර මෙම අවස්ථාව සදහා ගුවන් හමුදාවේ ඉලෙක්ට්‍රොනික හා විද්‍යුත් සංදේශ අධ්‍යක්ෂක හා ගුවන් හමුදා වැඩ බලන සාමාන්‍ය ඉංජිනේරු අධ්‍යකක්ෂක ඇතුළු නිළධාරීන් හා සෙසු නිළයන් පිරිසක් සහභාගි වී සිටි අතර මෙම වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශය  සහ ජාතික කොවිඩ් මර්ධනය කාර්ය සාධක බලකායේ කොවිඩ් 19 වැලැක්වීමේ නිර්දේශයන්ට අනුකූලව පවත්වන ලදී.

Exit mobile version