දකුනු කොරියානු බටහිර මුහුදට F-16 මාදිලියේ ඇමෙරිකානු ප්‍රහාරක යානයක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.
යානයේ නියමුවා නිරුපද්‍රිතව බේරා ගෙන ඇත.
ඇමෙරිකාවට අයත් F-16 ප්‍රහාරක යානයක් දකුණු කොරියාවේදී අනතුරට ලක්වූ මෑත කාලීන දෙවැනි අවස්ථාව මෙයයි.
යානයේ සිටි නියමුවා එය කඩාවැටෙන අවස්ථාවේදී ඉන් ඉවතට පැන ඇති අතර පැයකට පමණ පසුව ඔහුව බේරා ගැනීමට “බේරාගැනීමේ කණ්ඩායම” සමත්විය.
ඇමෙරිකානු ගුවන් හමුදාව විසින් දකුණු කොරියානු බටහිර මුහුදූ තීරයේ කඳවුරු දෙකක් භාවිත කරයි.
පසුගිය දෙසැම්බරයේ පුහුනු සැසියක් අතරතුරේ F-16 යානයක් කඩා වැටුනු අතර එහි නියමුවා බේරා ගැනුනි.