ඇඹිලිපිටියේ ගුරුවරියක් කඩුගන්නාවේදී චන්ඩි පාර්ට් එකක් දාල. පාසල් දරුවනුත් ඉදලා.

අද (13) බදුල්ලේ සිට කොළඹ දක්වා පැමිණි දුම්රිය බලන දුම්රිය ස්ථානයේදී නැවැත්වීමට සිදු වුයේ කොළඹ සිට පැමිණි දුම්රියක් රඹුක්කන ප්‍රදේශයේදී පීලි පැනීම නිසාය. ඉන් අනතුරුව එම දුම්රිය කඩුගන්නාවට නැවත පැමිණ තිබෙන බව වාර්තා කරන ලදී.

මෙම දුම්රියේම ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ සිසුන් කණ්ඩායම් යම් අධ්‍යාපන චාරිකාවක් ගොස් පොල්ගහවෙල දක්වා පැමිණීමට සැලසුම් කර තිබේ. කෙසේ නමුත් එම කුඩා දරුවන් රාත්‍රී 9.10 ටත් කඩුගන්නාව දුම්රිය ස්ථානයේ රැදී සිටීම නිසා මාධ්‍යවේදියෙකු එම දරුවන් වීඩියෝ කර තිබේ..

එම සිද්ධියෙන් උරණ වූ එම දරුවන් භාරව පැමිණි ගුරුවරියක් එසේ වීඩියෝ කරන ලද තරුණියගේ ජංගම දුරකථනය බලහත්කාරයෙන් ගෙන සියලුම දර්ශන මකා දමා තිබේ. එහිදී දෙපාර්ශ්වය අතර බහින්බස් වීමක්ද සිදුව තිබේ. රටේ පවතින නීතියට ගරු කල නොහැකි, පාසල් සිසුන්ට ආදර්ශයක් වන ලෙස හැසිරීමට නොදත් මෙවැනි ගුරුවරියන් සිදුකරන්නේ රටේ අනාගතයට නීතිවිරෝදී පිරිසක් බිහි කිරීමය. දුම්රිය ගැටලුව නිසා පාසල් නිල ඇදුමෙන් පීඩා විදිමින් සිටි එම දරුවන් ගැන අනුකම්පාවක් එම ගුරුවරියට නොමැති වුවත් අනෙකුත් සියලුම දෙනාට තිබී ඇත. මාධ්‍ය නිදහසට බාධා කිරීමට ඇයට කිසි සේත්ම අයිතියක් නැත

කෙසේ නමුත් රටේ පවතින නීතිය නොදත් මෙවැනි ගුරුවරියන් තමන්ගෙන් ඉගෙන ගන්නා දරු දැරියන්ට පවා ඉගැන් විය යුත්තේ නීතියට අනුව ජීවත් වීමටය. නමුත් ඇය මෙහිදී තමන්ගේ සිසුන්ට උගන්වා තිබෙන්නේ චන්ඩිකමෙන් නීතියට පයින් ගසා ජීවත් වීමට අවශ්‍ය නීති විරෝදී හැසිරිමකි. එබැවින් අප අධ්‍යාපන අමාත්‍යවරයාගේ අවධානයට මෙම පුවත යොමු කෙරේ. ඇයට විරුද්ධව පරීක්ෂණයක් සිදුකිරීමට අවශ්‍ය සාක්ෂි අප වෙත ලැබී තිබෙන බැවින් ඒවා අපගෙන් ලබා ගෙන අවශ්‍ය පරීක්ෂණ සිදුකල හැකිය. ඊට අමතරව එම ස්ථානයේ CCTV දර්ශනද පරික්ෂා කර බැලිය හැකිය.

Exit mobile version