ඇඹිලිපිටියේ චන්ඩි ගුරුවරිය ජනාධිපති විද්‍යාලයේ නොවේලු. විදුහල්පතිනියගෙන් ඇමතුමක්!

පසුගිය සිකුරාදා රාත්‍රී 9.10 ට පමණත් පාසල් නිල ඇදුමෙන් සිටි දරුවන් පිරිසක් වීඩියෝකල මාධ්‍යවේදියෙකු ඇතුළු කණ්ඩායමකට සද්දේ දමා ජංගම දුරකථනය උදුරාගෙන වීඩියෝ මකා දැමු ගුරුවරිය ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ නොවන බවත් එදින එම විද්‍යාලයෙන් අධ්‍යාපන චාරිකාවක් නොගිය බවත් එම විද්‍යාලයේ විදුහල්පතිනිය අප වෙත දැනුම් දෙන ලදී.

මෙම සිද්ධිය සිදුවන්නේ කඩුගන්නාව දුම්රිය ස්ථානයේදී වේ. මෙම දරුවන් පොල්ගහවෙල දක්වා දුම්රියෙන් යාමට සැලසුම් කර තිබු බවත් එදින කොළඹ සිට පැමිණි දුම්රියක් රඹුක්කන ප්‍රදේශයේදී පීලි පැනීම නිසා නැවතත් කඩුගන්නාව වෙත එම දුම්රිය පැමිණ තිබේ. රාත්‍රී 9 ටත් පාසල් දරුවන් නිල ඇදුමෙන් සිටිය බැවින් ඒ පිලිබඳව කාගේත් අවධානයට යොමුව තිබේ.

අප වාර්තාකරු සහ ඔහු සමග සිට කණ්ඩායම පැවසුවේ එම ගුරුවරිය සහ තවත් ගුරුවරියක් ඔවුන් ඇඹිලිපිටියේ ජනාධිපති විද්‍යාලයේ බව පැවසූ බවයි. එසේම එම සිද්ධිය එහි CCTV දර්ශනවල පටිගතව තිබෙන බවද පැවසීය. කෙසේ නමුත් එම ගුරුවරියන් ඒ පිලිබඳව ප්‍රකාශකරන සහ හැසිරීම වෙනත් ජංගම දුරකතනයක පටිගත වී තිබේ.

එදින අධ්‍යාපන චාරිකාවක් එම පාසලෙන් නොගියේ නම් අදාල පාසල සහ ගුරුවරිය කවුරුන්ද යන්න සොයා බැලීම ඉතාම පහසුය. අපට පසු ලැබුන තොරතුරුවලට අනුව එම ප්‍රදේශයේ වෙනත් පාසලක් එදින අධ්‍යාපන චාරිකාවක් ගොස් තිබේ. එසේම අදාළ ඇඹිලිපිටියේ චන්ඩි ගුරුවරිය ජනාධිපති විද්‍යාලයේ නොවේ නම් ඇය වැරදි දෙකක් සිද්කර තිබේ. එකක් වෙනත් පාසලක නමක් පැවසීම සහ අනෙක් කරුණ නම් මාධ්‍යවේදියෙක් බව පවසද්දීත්, හැදුනුම්පත් පෙන්වද්දීත් තර්ජනය කර බිය වද්දමින්, අයුතු බලහත්කාරය පෑම සහ අනර්ථයක් සිදුකිරීමයි.

එබැවින් අදාළ ගුරුවරිය කවුරුන්ද යන්න සහ අදාළ පාසල නිසිලෙස සොයා ගැනීම සහ නිසි විනය පරීක්ෂණයක් සිදු කිරීම අධ්‍යාපන අමාත්‍යංශයේ වගකීම වේ. ඒ සඳහා අවශ්‍ය සාක්ෂි ලබා දීම සදහා අප කටයුතු කරනු ඇත. එසේම අදාල සාක්ෂි ජනාධිපති විද්‍යාලයේ විදුහල්පතිනිය අපගෙන් කාරුණිකව ඉල්ලා සිටි නමුත් අප ඒවා ලබා දීම ප්‍රතික්ෂේප කරන ලදී. නමුත් අදාළ පාසල සහ ගුරුවරිය හදුනාගෙන, විදිමත් පරීක්ෂණයක් සිදුවන්නේ නම් එම පරීක්ෂණය අතරතුර සාක්ෂි ඉදිරිපත් කිරීමට අප කටයුතු කරනු ඇත.

එසේම අප සාක්ෂි ලබා දීම සදහා නීත්‍යානුකූලව බැදී නැති නමුත් විධිමත් ආකාරයෙන් පරීක්ෂණයක් සිදුවන්නේ නම් අදාල සාක්ෂි ලබා දීමට අපගේ අවධානය යොමුවනු ඇත. ඒ කෙසේ වෙතත් කුණ්ඩසාලේ නියෝජ්‍ය විදුහල්පතිනියකගේ අසොභන හැසිරීම පිලිබදවත් අප වීඩියෝවක් පළකර තිබෙන නමුත් එම සිද්ධියට එරෙහිව කිසිදු පරීක්ෂණයක් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය අපොහොසත්ව තිබේ. අදාළ වීඩියෝව පහලින් බලන්න .

Exit mobile version