ඇඹිලිපිටිය මහා විද්‍යාලය තුල සිදුව තිබෙන වංචා දුෂණ මෙන්ම අක්‍රමිකතා පිළිබදව සහ විවිධ අපයෝජන පිළිබදව අප වාර්තා ගණනාවක් මීට පෙර ඉදිරිපත් කර තිබුණත් මේ වන තෙක්ම කිසිදු සාධාරණ ක්‍රියාවක් ඉටුකිරීම සදහා පළාත් අධ්‍යාපන ලේඛම්, පළාත් ලේඛම් හෝ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක කටයුතු කර නැත. මාධ්‍ය වාර්තා නොසලකා හරින්නේ නම් ඒවා සිදු වන තෙක්ම කාගෙ කාගේත් වාර්තා වී තිබෙන වැරදි මෙන්ම දිනපතා වාර්තාවන වැරදිද එකතු කර මහජන යුක්තිය වෙනුවෙන් පළකිරීමට අපට සිදු වේ.
2023 වර්ෂයේ උසස්පෙළ ලිවීමට සිටි හාගල, තුංකම පදිංචි සෂිනි සංජනා නමැති පාසල් සිසුවියක් නොසලකා හැරීමේ අපයෝජනය සහ මානසික ලෙසද අපයෝජනය කර චිත්තවේගීය උදාසීනත්වය පත්කරමින් පාසලින් නීතිවිරෝදී ලෙස ඉවත්කර තිබේ. අපට වාර්තාවන ආකාරයට ඇය පාසලෙන් ඉවත්කර තිබෙන්නේ විදුහල්පතිගේ ඒකමතික තීරණයකට අනුව වන අතර ඇය ඉවත්කරන විට ඇයගේ වයස අවුරුදු 18 ට අඩුය. ඇය පාසලෙන් ඉවත් කිරිමෙන් අනතුරුව ඇගේ පාසල් ගමන සම්පුර්ණයෙන්ම නැවති ඉගෙන ගැනිමට තිබෙන අයිතිය අවසන් කිරිමට ව්දුහල්පතිවරයා කටයුතු කර තිබේ. ඇය පාසලෙන් ඉවත්කිරිමට තරම් වරදක් කර නැත. ඇය ඉවත් කලේ නම් ඇයට වඩා වැරදි කල දරුවන් පාසලේ සිටී. ඔවුන්ද පාසලෙන් ඉවත් කල යුතු යැයි අප කිසි විටෙකත් සටහන් නොකරන්නේ වැරදි කරන හැම දරුවෙකුම යහමගට ගැනීමට කටයුතු කරන්නෙ කෙසේද යන්න තවත් ක්‍රමයක් පවතී. තම පෙම්වතා සමග අසභ්‍ය ලෙස අඩනිරුවත්ව හැසිරෙන දියනියක් පාසලේ තබාගෙන එවැනි වරදක් නොකල දියනියක් පාසලෙන් ඉවත් කිරීම වැරදිය. වැරදි කලත්, නොකලත් තමන්ට ඕනෑ ඕනෑ ආකාරයට දරුවන් පාසල්වලින් ඉවත් කිරීමට නොහැක.
දරුවන්ට ඇහුම්කන් නොදීම, දරුවන් පෝෂණය නොකිරීම, දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය නොසලකා හැරීම, දරුවන්ට නිසි අධ්‍යාපනයක් නොදීම, අනතුරුවලින් ආරක්ෂා කර ගැනීම, පිළිබඳව සැලකිලිමත් නොවීම, දරුවන්ට අවශ්‍ය රැකවරණය නොදීම, දරුවන් සමග යහපත් සබඳතාවක් නොපැවැත්වීම ආදී සියල්ලම අපයෝජනවලට අයත් වේ.
අප මේ පිළිබදව අපගේ තෙවෙනි ලිපිය තුල සදහන් කර තිබෙන නමුත් දුෂිත රාජ්‍ය නිලධාරීන් මෙසේ එකටම එකතුව සිටීම නොහොත් ඔවුන්ගේ මාෆියාව කෙතරම් ප්‍රබලද යත් කිසිදු විමර්ශනයක් නොපවත්වාම මෙම විදුහල්පතිවරයා විදුහල්පතිවරයෙක් ලෙසම නිවස ආසන්න පාසලකට ස්ථානමාරු කර හැරීමට ද පළාත් අධ්‍යාපන බලධාරීන් කටයුතු කරමින් සිටින බව අපට වාර්තා වුයේ අද උදෑසනය.
එසේම සබරගමු පළාතේ අධ්‍යාපන බලධාරීන් වැරදි කරන උදවිය ආරක්ෂා කරන්නේ කෙසේද යන්න ලබා දිය හැකි තවත් හොදම උදාහරණයක් වන්නේ පනාමුර විද්‍යාලයේ දී පාසල් දරුවන් අපහරනය කළ ගුරුවරයෙකුට ද දඩුවම් ස්ථානමාරුවක් ලෙස ඇඹිලිපිටිය විද්‍යාලය මාරු කර තිබීමයි. ඒ ආකාරයෙන්ම ඇඹිලිපිටිය විද්‍යාලයේ පාසල් පුස්තකාලය තුලදීද මෙම පුද්ගලයා දරුවන් අපයෝජනය කල බවට පැමිණිලි කිහිපයක් විදුහල්පතිවරයාට ගොස් තිබුණත් ඔහු නිහඩව සිටි බවට අවශ්‍ය සාක්ෂි අප දෙමාපියන්ගෙන් ලබාගෙන ඇත. මෙම ගුරුවරයාද සබරගමුව පළාතේ ඉහළම අධ්‍යාපන බලධාරියාගේ ළගම නෑදෑයෙක් බවට තොරතුරු ලැබී තිබේ.
එසේම සබරගමුව පළාත් වර්තමාන අධ්‍යාපන ලේඛම්වරයා විසින් මීට පෙර අමාත්‍යාංශයේ සිට අධ්‍යාපන අමාත්‍යාංශය හරහා තමන්ගේ නෑදෑ හිතමිතුරන් වෙනුවෙන් රාජ්‍ය තනතුර අවභාවිතා කරතිබෙන ආකාරය පිළිබදව සම්පුර්ණ විස්තරයක් සාක්ෂි සහිතව අප ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.
මේ සියල්ලෝම පළාත් ලේඛම්ගේ ගෝල බාලයෝය. මහජන තනතුරේ සිට මහජනතාවට, දරුවන්ට පීඩා කිරීම වෙනස් විය යුතුය. තනතුර තිබෙන්නේ සියලු දෙනාම වෙනුවෙන් ක්‍රියාත්මක වීමට විනා තම හිතවතුන් වෙනුවෙන් එක විදියක්, අනෙත් අය වෙනුවෙන් තව විදියක් ලෙස ක්‍රියාත්මක කිරීමට නොවේ. එබැවින් තමන්ගේ පහල සිටින ලේඛම්වරු යහමග රැගෙන යාම පළාත් ලේඛම්ගේ රාජකාරිය විනා ආණ්ඩුකාරතැනගේ රාජකාරිය නොවේ.
එසේම මෙම උසස් නිලධාරීන්ටද යම් අකටයුත්තක් සිදු වුවහොත් අපගේ ක්‍රියාත්මක වීම ද මේ ආකාරයෙන්ම මෙම නිලධාරීන් වෙනුවෙන් සිදු වේ. අප පළකරන කිසිම පුවතක් සාක්ෂි නොමැතිව පලනොකරන බැවින්, සහ නීතිමය පසුබිමද වටහාගෙන ඒ අනුව ලියන බැවින් එහෙන් මෙහෙන් වනා තම ගෝලයන් ආරක්ෂා කිරීම නොකළ යුතුය. ඉන් සිදුවන්නේ ඉහල බලධාරියාගේ වැරදි ද සොයා ජනගත කිරීමටය.
එබැවින් සබරගමුව පළාත් සභාව මැදිහත් වී ඔහුට එරෙහිව ගත යුතු විනය ක්‍රියාමාර්ග ගෙන ඔහුගේ වැරදි සමතයකට පත්කරගෙන යහපත් විදුහල්පතිවරයෙකු ලෙස සමාජ ගත කිරීමට නොහැකි නම් මෙම සිද්ධිය පිලිබදව නිසි කටයුතු පොලිස් මූලස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් අපරාධ නීතිය යටතේ අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇත.
නීතිමය පසුබිම
ළමා අපයෝජනය යනු ළමයෙකුගේ කායික හා මානසික තත්ත්වයට පිටස්තරව, ඔහු ගේ හෝ ඇයගේ යහපතට, හා මනා කල්කිරියාවට එරෙහිව සිදු කරන කුමන හෝ අයහපත් ක්‍රියාවකි (කුමාර 2001:40). ළමයින්ට එරෙහිව සිදුකරනු ලබන විවිධ ආකාරයේ අපරාධ වැරදි නොසළකා හැරීම් හා ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය වන කවර හෝ ආකාරයේ ක‍්‍රියාවක් ළමා අපයෝජනය ලෙස සරලව හැදින්විය හැක. නුතනයේ විෂය ක්ෂේත්රයන් ගණනාවක් තුළ ළමයින්ට එරෙහි හිංසනය හා ළමා අපයෝජනය පිළිබඳව වැඩි අවදානයක් යොමු වී ඇත. ”Oxford” ශබ්ද කෝෂයට අනුව ළමා අපයෝජනය යනු ළමයින් කෙරෙහි අනර්ථයක් සිදුවන ආකාරයෙන් සැළකීම හෝ ක්‍රියා කිරීමයි. මෙහිදි ශාරිරික වශයෙන් ළමයින්ට සිදුකරනු ලබන ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන් හා ලිංගික අතවර මුල් තැනක් ගෙන අවධාරණය කර ඇත.
වධහිංසාවට ලක් නොවී සිටීමට ඇති අයිතිය යනු කිසිම ආකාරයකින් උල්ලංඝනය කළ නොහැකි අනුල්ලංඝනීය අයිතියකි. එසේත් නැතිනම් එය ජීවත් වීමට ඇති අයිතියේම තවත් ප්‍රකාශනයකි. ජීවත්වීමට ඇති අයිතිය 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට ඇතුළත් කර නොමැත. නමුත් 11 වන ව්‍යවස්ථාවේ වධහිංසාවට ලක් නොවී සිටීමට ඇති අයිතිය, 13 (4) වන ව්‍යවස්ථාවේ කියවෙන නීතියෙන් නියම කරනු ලැබූ කාර්යපටිපාටියට මිස කිසිම තැනැත්තකුට මරණයට ලක් නොවී සිටීමට ඇති අයිතිය මගින් සහ 12 ව්‍යවස්ථාවෙන් කියවෙන සර්වසාධාරණත්වයේ අයිතිවාසිකම මගින් ජීවත්වීමට ඇති අයිතිය ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු මගින් තහවුරු කර තිබෙන්නේය.
1994 වධ දීම හා අනෙකුත් කෲර අමානුෂික හෝ අවමන් සහගත සැලකීම හෝ දඩුවම් වලට එරෙහි වූ සම්මුති පනත යටතේ වධහිංසාව සම්බන්ධයෙන් වරදකරුවෙකු වූ අයෙකුට
පනතේ 02 වන වගන්තිය අනුව, නඩුවකින් වරදකරු වන පුද්ගලයෙකු, අවුරුදු 07 ට නොඅඩු, අවුරුදු 10 ට නොවැඩි කාලයක් බන්ධනාගාර ගත කිරීම සහ, රුපියල් දස දහසකට නොඅඩු, රුපියල් පනස්දහසකට නොවැඩි දඩයකට යටත් කළ හැකිය.
1998 අංක 50 දරන ජාතික ළමාරක්ෂක අධිකාරී පනත ජාතික ළමාරක්ෂක අධිකාරියේ ආරක්ෂාව ලැබීම,
1989 අංක 17 දරන පූර්ණ වයස් (සංශෝධන) පනත පූර්ණ වැඩිහිටියෙකු බවට පත් වීම,
1939 අංක 31 දරන අධ්‍යාපන ආඥා පනත අධ්‍යාපනය ලැබිය යුතු අවම වයස් සීමාව,
1939 අංක 48 දරන ළමා හා යෞවන ආඥා පනත් ආදී සියල්ලම තිබෙන්නේ රටේ අනාගත පරපුර වෙනුවෙනි.