ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේඛම් ශ්‍රී රාවණා ලංකා ජාතික සංවිධානය වටේ යවයි – මාධ්‍ය ප්‍රකාශක

තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාරව ඉල්ලා සිටි තොරතුරක් ලබා ගැනීම සඳහා 2022 12 24 වන දින යොමු කරන ලද ලිපියක් සදහා මාස දෙකකට පසුව පිළිතුරු ලැබුණු බවත් ප්‍රාදේශීය ලේඛම්වරයා සංවිධානය වටේ යවන බවත් එහි මාධ්‍ය ප්‍රකාශක හිමාල් ඒකනායක මහතා අද (03) කොලඹදී ප්‍රකාශ කරන ලදී. එසේම පොලිස් දෙපාර්තමේන්තුවේ සබරගමුවේ සහ රත්නපුර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ටද  ඇඹිලිපිටිය ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයාටද, සහකාර පොලිස් අධිකාරිවරයාටද ස්තුති කරමින් ඒ මහතා සඳහන් කලේ ඔවුන් ඉල්ලා සිටි සියලු තොරතුරු නියමිත පරිදිම නීත්‍යානුකූල ලෙසම තම සංවිධානය වෙත ලබා දුන් බවයි.

ඒ මහතා තව දුරටත් සඳහකන් කලේ ඇඹිලිපිටිය පනහඩුවේ පිහිටි රන්මිණි කොත නමැති පෞරාණික වෙහෙරක් මත කූට ලේඛන සකසමින් සිදු කරනු ලබන ඉදිකිරීමක් පිළිබඳව මෙසේ තොරතුරු ඉල්ලා සිටි බවද, එය ඉල්ලා සිටියේ 2021 12 24 දින බවත් එයට පිළිතුරු ලබා දීමට මාස දෙකයි දවස් 10 ක් පමණ ගොස් ඇති බවත් ලබා දී ඇති පිළිතුරෙන් සිදු කර ඇත්තේ සංවිධානය වටේ යැවීමක් බවත් සඳහන් කල ඒ මහතා , දීපව්‍යාප්තව මෙන්ම ලොව රටවල් 86 ක් දක්වා දිවෙන සංවිධානය වටේ යැවීමට ප්‍රාදේශීය ලේඛම්ට ලේසි නැති බවද, තම සංවිධානය හෝ සාමාජිකයෙකු එක් වරක් වටේ යැව්වොත් වටේ යවන රාජ්‍ය නිලදාරියා හෝ පුද්ගලයා නීතියට අනුව සිය වරක් වටේ යැවිය හැකි බවද  සදහන් කරන ලදී.

එසේම පසුගියදා ඇඹිලිපිටිය – කොළඹ ප්‍රධාන මාර්ගය වසා දැමීම දක්වා ජනතාව කුපිත කිරීමේ කටයුත්ත සිදු කලේද ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේඛම් වන ප්‍රසංග උදයකාන්ත මහතා බවද, එම සිදුවීමට පෙර තම සංවිධානය මේ බව ලියාපදිංචි තැපෑලෙන් දැනුවත් කල බවද ඒ මහතා සදහන් කරන ලදී. තව දුරටත් අදහස් දක්වමින් ඒ මහතා සදහන් කලේ මහජනතාවගේ ප්‍රශ්න සමග මෙන්ම ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයේ සේවකයන් සමගද ඔහු සෙල්ලම් කරනා බවත් ඔහුගේ වංචා දූෂණ සහ අක්‍රමිකතා මෙන්ම නීතියට පරිභාහිරව සිදුකල කටයුතු ගණනාවක් ද සංවිධානය සතු බවයි. තවද ගම්පොල, මහනුවර, කුරුනෑගල, ත්‍රිකුණාමලය ආදී ප්‍රදේශ ගණනාවක සිදුවන බොහෝ මහජන පීඩාවන්වලට වග කිව යුත්තේ ප්‍රාදේශීය ලේඛම්වරු බවද, මේ සිදුවන සියලු විනාශයන් වලට මතු දිනකදී ඔවුන්ව චූදිතයන් වනු ඇති බවත් මේ ආණ්ඩුවෙන් නොමැති වුවහොත් වෙනත් ආණ්ඩුවලින් හෝ ඔවුන්ට අවශ්‍ය දඩුවම් ලබා දීම සදහා සදහා විවිධ විමර්ශන සභාවලට පැමිණීමටත් , එහිදී ඔවුන්ව වැරදිකරුවන් බවට පත්කළ හැකි නීතිමය සාක්ෂි තම සන්විධානය සතු බවත් සදහන් කරන ලදී.

එසේම පසුගියදා රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාද මෙම ප්‍රාදේශීය ලේඛ්මවරයා පිළිබදව දැඩි විවේචනයක් කරමින් හැන්සාර්ඩ් වාර්තාවට ඇතුලත් කරන ලදී. (වීඩියෝව පහතින්)

ශ්‍රී රාවණා සටහන

අප ආයතනයට ලබා දී තිබෙන තොරතුරුවලට අනුව ඔවුන් ඉල්ලා ඇත්තේ ප්‍රාදේශීය ලේඛම් විසින් සකසා ඇති තොරතුරු වුවත් එම තොරතුරු ප්‍රතික්ෂේප කර ඇත්තේ “ ඉල්ලා ඇති තොරතුරු අප අධිකාරියෙහි පාලනය හෝ භාරයෙහි නොමැතිවීමේ හේතුව මත “ ලෙස සදහන් කරමිනි. නමුත් ඔවුන් ඉල්ලා ඇත්තේ ප්‍රදේශයේ සිවිල් පරිපාලන නිලදාරියා සතු ලේඛණ ඔවුන්ගේ ඉල්ලීමේ ලිපියෙහි සදහන් වේ.

කෙසේ වුවත් තොරතුරු දැනගැනීමේ පනතේ 24 (1) වගන්තිය ප්‍රකාරව ඉල්ලීම ලැබී දින 14 ක් ඇතුලත ඉල්ලුම්කරුට ප්‍රතිචාර දැක්විය යුතුය. එසේ නොමැතිනම් පනතේම 25 (6) වගන්තිය යටතේ කටයුතු කල යුතුය.

එසේම පනතේම 30 වන වගන්තිය යටතේ සදහන් වන්නේ සද්භාවයෙන් කරන ලද තොරතුරු ලබා නොදීමකදී තොරතුරු ලබා නොදුන් නිලදාරියාට එරෙහිව කිසිදු සිවිල් හෝ අපරාධ චෝදනාවක් ඉදිරිපත් කල නොහැකි බවයි.

නමුත් මෙම සිද්ධියේදී කිසිදු සද්භාවයක් නොමැති බව පෙනෙන අතර මෙම ඉල්ලේම හා බැදුණු ක්‍රියාවලිය මේ වන විටත් ප්‍රාදේශීය ලේඛ්මවරයා දැනුවත්ව තිබෙන බව පිළිතුරු ලිපියෙන්ම පැහැදිලි වේ. ඒ අනුව පුරාවිද්‍යාත්මක ස්ථානයක් විනාශ කිරීමට ඉඩ දීමේ වරදටද ඔහු වගකිව යුත්තෙකි. පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්ගේ නිරෙදේශ හෝ ලිපිවල නීතිමය පදනමක් නැති අතර පුරාවිද්‍යා පනත ඉහලින්ම තිබෙන අතර පැරණි පොත් සහ පුස්කොළ පොත්ද මේ ස්ථානය පුරාවිදු භූමියක් බවට සාක්ෂි දරන අතර පුරාවිද්‍යා පනතින් මේ සියල්ලම ආවරණය කර තිබේ. ඒ අනුව ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේඛම් වන ප්‍රසංග උදයකාන්ත මහතා ලංකා දණ්ඩනීති සංග්‍රහයෙන් කියවෙන වැරදි සහ පුරාවිද්‍යා පනතින් කියවෙන වැරදිද, තොරතුරු දැනගැනීමේ පනතට ප්‍රකාරව රාජකාරිය නොකිරීමේ වරදටද වරදකරුවෙකි.

එසේම ශ්‍රී රාවණ ලංකා ජාතික සංවිධානය පවසන පරිදි සංඛපාල මීගහයාය සිද්ධිය තුලද ප්‍රාදේශීය ලේකම්ට විරුද්ධව චෝදනා ගණනාවක් ඉදිරිපත්වන අතර කුමන දේශපාලන හයියකින් ප්‍රාදේශීය ලේකම්වරයා වැඩ කලත් අවසානයේ ආණ්ඩු පෙරලියක් වු දිනක ඔහු තනි වනු ඇත. එපමනක් ද නොව මීගහයාය සිද්දිය සමග රන්මිණි කොත ද එකට බැදී ඇති අතර ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේඛම් වන ප්‍රසංග උදයකාන්ත මහතාට අනාගතයේ ගැටළු රාශියකට මුහුණ දීමට සිදුවන බව නම් පැහැදිලිය.

Exit mobile version