ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනය සඳහා සූර්ය විදුලි බල පද්ධතියක් සවි කර විවෘත කිරීම

Jayantha nanayakkara- 2023.11.23

ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනය සඳහා සූර්ය විදුලි බල පද්ධතියක් සවි කර විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමිපාණන් ප්‍රකාශ කර සිටියේ පන්සලෙ විදුලි ප්‍රශ්නය විසඳුමක් ලැබුනද ආණ්ඩුව විසින් විදුලි බිල වැඩි කිරීමට එරෙහිව ගෙනයන සටන නතර නොකරන බවයි.

බෝධිරාජධර්මායතනය සඳහා w 40 කින් යුක්ත සෝලා විදුලි බල පද්ධතිය සිංගප්පූරුවේ බෞද්ධ කාන්තාවක වන madam ten siew tee රුපියල් ලක්ෂ 70 ක වියදමින් සවිකර ඊයේ විවෘත කරනු ලැබුවා.

මේ අවස්ථාව සඳහා සිංගප්පූරුවේ බෞද්ධ දූත පිරිසක් පැමිණ සිටි අතර ඇඹිලිපිටිය බෝධිරාජ දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය ධර්මායතනය වැඩ සිටින ස්වාමීන් වහන්සේලා පෙර පාසල් දරුවන් ප්‍රදේශවාසී දායකයින් ඇතුළු රැසක් සහභාගී වී සිටියා. මෙහිදී සිංගප්පූරු බෞද්ධ දූත පිරිස විසින් බෝධි ධර්මායතනය වැඩ වාසය කරන අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේලා 88 නමක් සඳහා චීවර පූජාවක් ද සිදු කරනු ලැබුවා.

ඊට අමතරව
1.ප්‍රදේශයේ ගැබිනි කාන්තාවන් 24 දෙනෙක් සඳහා අවශ්‍ය උපකරණ ලබා දීම

02.සිංගප්පූරුවේ පැමිණ සිටි බෞද්ධ පින්වතුන් විසින් වගා කර සකස් කරන ලද අක්කර 2ක් කුඹුරක සහල් ඇඹිලිපිටිය ප්‍රදේශය ප්‍රදේශවාසීන් වෙත බෙදා දීම. සිදුකරන ලැබුවා.

03.ලබන වසරේ පාසල් යන පෙර පාසල් දරු දැරියන් සඳහා අවශ්‍ය පොත්පත් බෙදා දීමක්ද මේ සිංගප්පූරු බැතිමතුන් විසින් සිදු කරනු ලැබුවා.

මේ සඳහා ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනයාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි පින්කම් මාලාව සිදු කරනු ලැබුවා

(එහිදී උන්වහන්සේ සඳහන් කළේ කතාව මේ සමග ඇත)https://wetransfer.com/downloads/821e36bfaf27287f9cf9224b5d5d83be20231113053243/d3bd4a?utm_campaign=TRN_TDL_05&utm_source=sendgrid&utm_medium=email&trk=TRN_TDL_05

Exit mobile version