13:19 ඉරිදා, අප්‍රේල් 20, 2025
Eng සිංහල

ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ පරිපාලනයේ ගැටළු . අධ්‍යාපන බලධාරීන් ආදී ශිෂ්‍ය සංගමය වටේ යවයි!

ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ පවතින විවිධ අකටයුතුකම් ගණනාවක් සදහන් කරමින් ආදී ශිෂ්‍ය සංගමය බලධාරීන් වෙත ලිපියක් යොමුකර තිබේ. කෙසේ නමුත් එම ගැටළු සහ එම ලිපියෙහි සදහන් වංචා, දුෂණ මෙන්ම අක්‍රමිකතා සොයා බැලීම සදහා සබරගමුව පළාත් අධ්‍යාපන බලධාරීන් මේ වනතෙක්ම කටයුතුකර නැති බව ආදී ශිෂ්‍ය සංගමය පවසයි.

ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ පවතින අර්බුධකාරී තත්වය වසන් කිරීමට ඇඹිලිපිටිය කලාප අධ්‍යාපන කාර්යාලය සහ කොට්ටාශ අධ්‍යාපන කාර්යාල වල සමහර දුෂිත නිලධාරීන් කටයුතු කරන බවද, ඔවුන් පළාත් අධ්‍යාපන අමාත්‍යංශය සහ දෙපාර්තමේන්තුව සමග සම්බන්ධ බවද චෝදනා එල්ල වෙයි.

යමෙක් යමෙකුට එරෙහිව චෝදනා කරන්නේ නම් ඒවා හැකි ඉක්මනින් සොයා බැලිය යුතුය. ඒවා හැකි ඉක්මනින් සිදුනොකරන්නේ නම් ඉන් කියවෙන්නේ ඔවුනොවුන් සම්බන්ධව කටයුතු කරනා බවයි. එය එසේ නොවිය යුතුමය. යම් පැමිණිල්ලක් යොමු වුයේ නම් ඒවාට එරෙහිව ක්ෂණිකව ක්‍රියාත්මක විය යුතුය. එසේ නොවීමෙන් අයහපත් ප්‍රධාන කරුණු දෙකක් සිදුවේ. ඉන් එකක් නම් යම් වංචාවක් සිදුකර තිබෙන්නේ නම් ඒවා වසන් කර ගැනීමට අවශ්‍ය කටයුතු චෝදනා ලත් පාර්ශ්වය සිදු කරගැනීමයි. පසුව පැමිණ විමර්ශනයක් හෝ විගණනයක් සිදු කිරීමෙන් පලක් නොවේ. ඉන් දෙවෙනි කාරනාව වන්නේ චෝදනා ලත් පාර්ශ්වය සැබවින්ම වර්ධක කර නැතිනම්, සාධාරණ ලෙස එම පරීක්ෂණයන්ට මුහුණ දී එම චෝදනාවන් වලින් නිදහස වීමට ඔහුට තිබෙන අයිතිය නැතිවීමයි. කාලයක් ගොස් පැමිණිලි විභාග කිරීමෙන් චෝදනා ලත් පාර්ශ්වයට චෝදනාවෙන් ගැලවීමට නොහැක්කේ, සමාජය විසින් ඔහු වැරදිකරු බවට පත්කර තිබෙන නිසාය.

කෙසේ වෙතත් සබරගමුව අධ්‍යාපනයේ මළගම ලියවීම ආරම්භ වන්නේ වර්තමාන පළාත් ලේඛම්, පළාත් අධ්‍යාපන ලේඛම් සමයේ සිටමය. ඔවුන් දුන් දුෂිත දේශපාලන සංස්කෘතිය දුෂිත ගුරුවරුන් මෙන්ම විදුහල්පතිවරුන්ද බිහිකර අවසන්ය. ඒ ආකාරයෙන්ම සබරගමුව අධ්‍යාපනයේ මළගම ලියු ඔවුන් නිසා සෑම පාසලකම පාහේ තිබෙන ගැටලුවලට පිළිතුරු දීමට ඔවුන්ට නොහැකිව තිබේ. සබරගමු පළාතේ පාසැල් කිහිපයක හැර අනෙකුත් සියලුම පාසැල් වල කුමක් හෝ ගැටළුවක්, වංචාවක්, දුෂණ හෝ වෙනත් කුමක් හෝ පරිපාලන දෝෂයක් දක්නට තිබේ.

ඒ අතරේ තිබෙන දැවන්තම ගැටලුව වන්නේ, උසස්පෙළ ගුරුවරුන් පාසැල් වෙලාවේ ටියුෂන් කිරීමයි. ඒ සදහා අවශ්‍ය පහසුකම් සලසා දීමට විදුහල්පතිවරුන්ද කටයුතු කර තිබේ. ලැබෙන මුදලින් ටිකක් විදුහල්පතිටත්, ඉන් ඉහල අධ්‍යාපන බලධාරීනටත් බෙදී යයි. අනෙක් ගැටලුව වන්නේ උපකාරක පන්ති පවත්වන සමහර පාසැල් ගුරුවරු තමන්ගේ ටියුෂන් පන්තිය වෙත තම පාසලේම දරුවන් ගෙන්වා ගැනීමය. එසේ නොපැමිණෙන දරුවන්ට විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදුවේ. එසේම මෙම ගුරුවරුන්ම වාර විභාග ප්‍රශ්න පත්‍ර උපකාරක පන්තිය වෙත පැමිණෙන දරුවන්ට ලබා දෙයි.

මේ කිහිපයකි, ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ සිදුව තිබෙන බව පැවසෙන ගැටලුවලටද එසේම වනු ඇත. පාලාත අධ්‍යාපන බලධාරීන්ගේ නොසැලකිල්ල, පැමිණිලි ලැබුණු වාහම ක්‍රියාත්මක නොවීමේ ප්‍රතිපලයක් ලෙස, මෙම පැමිණිල්ල කල ආදී ශිෂ්‍ය සංගමයම වැරදි කරුවන් බවට පත්වනු ඇත. ඒ අනුව පෙනී යන්නේ පළාත් ආධ්‍යාපන බලධාරීන් පවා එකතුව මෙම දුෂිත ක්‍රියාවලිය සිදුකරන බවයි.

ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ පවතින ගැටළු පිලිබදව සදහන් ලිපිය පහතින් බලන්න.

https://drive.google.com/file/d/1bljPPevBwtH9q0PMA5mqxm7gmBfc1jQG/view?usp=drive_link

“All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

Related Posts