ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ මහ සභා රැස්වීමේදී මෙම වෙබ් අඩවියට චෝදනාවක්.

අප පෙරදින වාර්තා කල ආකාරයට මේ වන විට ඇඹිලිපිටිය මහා විද්‍යාලය තුල මහා සභා රැස්වීම ආරම්භව තිබේ .

මෙම රැස්වීමට 300 ක් පමණ දෙමාපියන් පිරිසක් සහභාගී වී සිටී. මෙහිදී අප වාර්තා කල සියලුුු පුවත් පිලිබදව චෝදනා කිරීමට බංඩාර කහවිට නියෝජ්‍ය විදුහල්පතිවරයා කටයුතු කරන ලදී. එසේම ඔහු විසින් දෙමාපියන් නොමග යවමින් ප්‍රකාශ කිහිපයක්ද කරන ලදී.

විදුහල්පතිවරයාගේ මාරුවීමට එරෙහිව මේ වන විට එක්තරා කාන්තාවක් හඩමින් ප්‍රකාශයක් කරමින් සිටී.

මීට සුළු මොහොතකට පෙර විදුහල්පතිවරයාද සභාව අමතන ලදී.

ඒ අනුව දරුවන් 2200 ක් පමණ සිටින පාසලේ විදුහල්පතිවරයා වෙනුවෙන් පෙනී සිටීම සදහා පැමිණ තිබෙන්නේ දෙමාපියන් 500 කටත් අඩු ප්‍රමාණයකි.

වැඩ සටහන මේ වන විටත් සාමකාමීව පැවැත්වේ. වැඩ සටහන අවසන් වු පසු සම්පුර්ණ කතාව සහ මෙම සභාව නොමග යැවු කරුණු මෙන්ම සියලු සැලසුම් අප අණාවරනය කරනු ඇත.

මෙම සිද්ධියට මුල් අවස්ථාවේ සිටම ගත යුතු ක්‍රියාමාර්ග ගත්තේ නම් මේ අයුරින් දෙමාපියන් නොමග යැවීම සහ රටේ පවතින නීතියට පරිභාහිරව සිදුවන සියලු දේ නවතිනු ඇත.

අප වාර්තා කරතිබෙන සියලු පුවත් සාක්ෂි සහිතව ලියා තිබේ. මෙම ගුරුවරු පවා මහජන සේවකයන් වේ. අප ඊයේ වන තෙක්ම වාර්තා කල සියලු දේ ඇත්ත බව මේ වන විට පවතින රැස්වීම තුලදීම සනාතව තිබේ.

කෙසේ නමුත් ආරවුලක් ඇති විය හැකි බවද අප වාර්තා කර තිබේ. මෙම ගුරුවරු කථා කරන දේවල් වලට විරුද්ධව අනෙක් කණ්ඩායම වචන ප්‍රකාශ කලහොත් ආරවුල ඇති විය හැක.

Exit mobile version