රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේඛම් කොටිඨාශයට අයත් පනහඩුව ග්‍රාමසේවා වසමේ මීගහයාය නමැති ගමේ පිහිටි ඩොලමයිට් සහිත වනජීවී රක්ෂිතයකට අයත් කන්දක් කපා මහජන පීඩාවක් ඇති කිරීමට කටුයුතු කරන බවද, එහි ඇති ජලය බැස යන ස්වාභාවික දොළ පාරක් විනාශ කරන බවද, ගම් වාසීන් භුක්ති විඳින ඉඩම් බලහත් කාරයෙන් අල්ලා ගනිමින් මෙම කන්දට යාමට මාර්ගයක් සකසන බවද සදහන් කරමින් ගම් වාසීන් 300 කට ආසන්න පිරිසකගේ අත්සනින් යුතු විරෝධතා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. එසේම ශ්‍රී රාවණා ලංකා ජාතික සංවිධානය ද රාජ්‍ය නිලදාරීන් ගණනාවක් වෙත මේ පිලිබදව පැමිණිලි කර මේ අපරාධය සිදු නොකරන ලෙස ඉල්ලා ඇත.
පසු ගිය දිනක උඩවලව පොලිස් ස්ථානාධිපති සමග පනහඩුව ග්‍රාමසේවා වසමේ ග්‍රාමසේවක, ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේඛම් සහ ආසන්න විහාරස්තානයක භාරකාර හිමිනමක් බව කියවෙන හිමිනමක් මෙසේ පැමිණ ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගත් බවද ඒ සදහා සාක්ෂිද ඔවුන් ඇප වෙත යොමු කර තිබේ . තිබෙන සාක්ෂි වලට අනුව උඩවලව පොලිස් ස්ථානාධිපතිගේ ආධාර අනුබල සහිතව අදාල හිමිනම “මේ කොටස් මගේ” , කියද්දී, ඔහුට අයත් නැති ඉඩම් “මගේ” යයි පවසමින් ප්‍රාදේශීය ලේකම්තුමා අදාල කටයුත්ත සිදු කල බවද විඩියෝ වල සදහන් වේ. අදාළ හිමිනමට කූට ලේඛන සැකසීමක් පිළිබදවද චෝදනා එල්ල වන අතර උඩවලව පොලිස් ස්ථානාධිපති හිමිනම බේරා ගැනීම සදහා කටයුතු කරන බවටද තොරතුරු ලැබී තිබේ. එසේම මේ හිමිනම පනහඩුව “රන්මිණිකොත” නමැති පෞරාණික ස්තූපය තුල ඉදිකිරීමක් සදහාද නීතිවිරෝදී ලෙස අවසර ද ලබාගෙන තිබේ. එයටද උඩවලව පොලිස් ස්ථානාධිපති උපකාර කර තිබෙන බවටද තොරතුරු තිබේ.
එසේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගැනීම නීතියෙන් තහනම් වන අතර එසේ කටයුතු කරන්නේ ඉඩම් සන්තකය ආපසු ලබා ගැනීමේ නීතියට අනුව කටයුතු කල යුතුය. එසේ බලහත්කාරයෙන් කටයුතු කර තිබෙන මේ නිලදාරීන් සහ අදාළ හිමි නම ලංකා දණ්ඩනීති සංග්‍රහය යටතේ බරපතල වරදක් කර තිබෙන අතර අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා වරදට අනුබල දී තිබේ. ඒ අනුව ඔහුටද නීතිය ඉදිරියේ දඩුවම් හිමි විය යුතුය. තවද, මීට පෙර රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරියද මේ ප්‍රදේශයේ සංචාරය කර තිබෙන බවද සදහන් වන අතර එතුමියගේද ආධාර අනුබල සහිතව මේ කටයුත්ත සිද්ද වන බවද සදහන් වේ. කෙසේ වුවද, අදාළ භූමිය සදහා හිමිකම් ඔප්පු ඇති පුද්ගලයන්ද මේ ගම තුල සිටින අතර මේ වන විට එම කදුකර පෙදෙස සංඛපාල යෝජිත රක්ෂිතය සදහා වෙන් කර තිබෙන බවද සදහන් වේ.
එසේම එම ප්‍රදේශයේ ජනතාව දැනුම් දී තිබෙන අකාරයට මෙම කන්ද කපා දැමීමෙන් ඔවුන්ට බීමට ජලය පවා නැතිවන අතර, ඔවුන්ගේ වගා පවා විනාශ වන බවද සදහන් කර තිබෙන අතර දැවැන්ත පරිසර හානියක්ද සිදු වන බවද සදහන් කර තිබේ. එවැනිම සිදු වීමක් එම ප්‍රදේශයටම අයත් කොස්වැටිය නැමති කන්දක අක්කර 50 නමැති ගම්මානයක ද සිදුවන අතර එම ප්‍රදේශයේ ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බවද සදහන් කර තිබේ. එසේම අක්කර 50 ප්‍රදේශයේ ජනතාවට ජලය සැපයු ජල පෝෂකයද මේ වන සිදී ගොස් තිබෙන අතර එම ජනතාවද මීට අවුරුදු කිහිපයක සිටම ඒ සදහා විරෝදතා ඉදිරිපත් කර උද්ඝෝෂනද සිදු කර තිබෙන නමුත් බලදාරීන් ඒ සියල්ලම නෑහුනා සේ සිටින අතර එකල සිටි රාජ්‍ය නිලදාරීන් බොහෝ දෙනෙකු මේ වන විට විශ්‍රාම ගොස් තිබේ. අක්කර 50 ප්‍රදේශයේ ගල් වලවල් වල වැඩ කල මිනිසුන් කිහිප දෙනෙකුම මේ වනවිට මියගොස් ඇත්තේ අක්‍රමවත් ලෙස සිදුකරන ක්‍රියාකාරකම් හේතුවෙන් වන අතර එහි තිබෙන , මිනිසුන් විසින් මුදල් සොයා හාරා ඇති දෝනාව කඩා වැටුනහොත් ඇතිවන භූමි කම්පාවෙන් උඩවලව ජලාශයට පවා හානි විය හැකි බවට අනතුරු හඟවා තිබේ.
මෙවැනි සිද්දීන් වලින් අති ගරු ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට විශාල කැළලක් ඇතිවන අතර රාජ්‍ය නිලදාරීන් මෙසේ නීතිය අතට ගෙන කටයුතු කිරීම නුසුදුසු වන අතර පරිසරය සහ මානවයා ආරක්ෂා කිරීම සදහා ඔවුන් සේවය කරන්නේ ජනතාවට බව සහ ඔවුන්ට වැටුප් ගෙවන්නේද ජනතාව බවද අමතකවීම කණගාටුවට කරුණකි.
රාවණා සටහන
ශ්‍රී ලංකාව තුල පවතින නීතියක් තිබේ. සංවර්ධනයට හෝ වෙනත් කටයුතු සදහා ජනතාවගේ අකමැත්තෙන් ඉඩම් ලබා ගැනීමට නීතියෙන් තහනම් වේ. රජයේ ඉඩම් සන්තකය ආපසු ලබා ගැනීමටත් , අනෙකුත් සින්නකර අයිතිය ඇති ඉඩම් අත් පත් කරගැනීමටත් අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සහ කාර්ය පටිපාටිය පැහැදිලිව දක්වා තිබේ. මේ වනවිට ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයකම රාජ්‍ය නිලධාරීන් මෙසේ බලහත්කාරයෙන් ඉඩම් අල්ලා ගැනීම් දක්නට ලැබේ. ඒ සියලු ස්ථානයන්හි නීතිවිරෝදී ලෙස පොලිස් නිලදාරීන්ද සහභාගී වෙමින් අදාළ රාජ්‍ය නිලදාරීන්ට වැරදි කිරීම සදහා පොලිස් ආරක්ෂාව ලබා දී තිබේ. අදාළ නිලදාරීන් වැරදි වැඩක් කරන බව දැන දැනම එම වරදට පොලිස් නිලදාරීන් අනුබල දීම තුලින් පෙනෙන්නේ බොහෝ පොලිස් නිලදාරීන් යහමග නොහොත් හරි මග යාමට උත්සහ නොකරන බවයි.
ඉඩම් අත්පත් කරගැනීම සදහා කල යුත්තේ ඉඩම් අත්පත් කරගැනීමේ පනතට අනුව කටයතු කිරීමයි. ඒ සදහා රජයේ ඉඩම් සන්තකය ලබා ගැනීමේ පනතද, ඉඩම් අත් පත්කරගැනීමේ පනතද උපයෝගී කරගත යුතුය. එසේ නොමැතිව කටයුතු සිදුවන්නේ නම් කල යුත්තේ මෙම රාජ්‍ය නිලධාරීන්ට විරුද්ධව අපරාද චෝදනා යටතේ නඩු පැවරීමයි. ඒ සදහා පොලිසිය තුල පැමිණිල්ලක් යෙදිය යුතුය. එසේම එම නිලදාරීන්ගේ නම් සහ පදිංචි ලිපිනයන් භාවිතා කරමින් පැමිණිලි කිරීමෙන් එම කටයුත්ත පහසුවෙන් කරගැනීමට හැකිය. එසේම පොලිසිය තුලින් නීතිය ක්‍රියාත්මක නොවන්නේ නම් කල යුත්තේ ප්‍රාථමික අධිකරණ නඩු විධාන සංග්‍රහ පනතේ 25 (1) වගන්තිය උපයෝගී කරගෙන නීතිඥවරයෙකු මාර්ගයෙන් හෝ පුද්ගලිකවම ප්‍රදේශයේ මහේස්ත්‍රාත් වෙත පැමිණිලි කිරීමයි. නමුත් නීතිඥවරයෙකු මාර්ගයෙන් පැමිණිලි කිරීම වඩාත් යෝග්‍ය වේ. එසේම විශ්වාසවන්ත දක්ෂ නීතිවේදියෙකුගේ සේවය වඩාත් ප්‍රතිපලදායක වේ. එසේම මේ සියලුම නිලධාරීන්ට විරුද්දව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම තුලද පැමිණිල්ලක් කර තිබීම, පියවරෙන් පියවර පොලිස් මූලස්ථානය දක්වාම පැමිණිලි කර තිබීමද අනාගත නීතිමය කටයුතු සදහා වැදගත් වේ.
ජනතාවට සිදුවන අපහසුතා වෙනුවෙන් ඔවුන් මුදවා ගැනීමේ ප්‍රදේශයේ වගකිව යුත්තා ප්‍රාදේශීය ලේකම්තුමා වන අතර, සංවර්ධනය අරමුණු කරගත් මහජන පීඩාවන් යටතේ මෙම ඉඩම් කොටස රජයට අත්පත් කරගැනීමේ සම්පූර්ණ වගකීම ඉඩම් ඇමතිට තිබෙන අතර ඒ සදහා මුල්ම කොටස හැකිතාක් ඉක්මනින් සිදු කල යුත්තේ ප්‍රදේශයේ නිසි ඉඩම් බලදාරියාය. රජයේ ඉඩම් වුවද, සින්නක්කර ඉඩම් වුවද නිසි ඉඩම් බලදාරියා වන්නේ දිස්ත්‍රික් ලේකම් වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම් වන අතර, තිරසාර සංවර්ධනය පිළිබද සිද්ධාන්තය ශ්‍රේෂ්ඨාධිකරණය පවා පිළිගෙන ඇති අතර මහජන සුබ සිද්දිය වෙනුවෙන් මෙවැනි ස්ථානයකදී එසේ සිදු කිරීමට, වහාම විනාශය නැවැත්වීම සදහා විදානයක් නිකුත් කිරීමේ බලය සහ හැකියාව ප්‍රාදේශීය ලේකම්ට තිබේ. අමාත්‍යවරයා එය ගැසට් කිරීමෙන් පසුව ඒ පිලිබදව තීරණ ගැනීමට හෝ විමර්ශනය කිරීමට අධිකරණයට පවා බලය අහිමි වේ. නමුත් මෙහිදී සිදුව තිබෙන්නේ ජනතාව ආරක්ෂා කල යුතු බලධාරීන් ජනතාවට එරෙහිව කටයුතු කිරීමයි.
එසේම ප්‍රදේශයේ මහජනතාවගේ මැදිහත්වීම මත මේ වන ප්‍රදේශය රජයට පවරා ගැනීම සහ එම වනය ආරක්ෂා වීම සිදුවනු ඇත. වර්තමාන ඉඩම් පනතේ 38(අ ) අතුරු විධානය අනුව “හදිසිතාවය මත” ඉඩමක බුක්තිය පවා අත්පත් කර ගත හැකිය. නමුත් ඒ සදහා පනත්වල සදහන් වන ක්‍රියාපටිපාටියන් අනුගමනය කල යුතු අතර එහිදී “හදිසිතාවය” භාවිතා කල යුත්තේ මහජන සුබ සිද්ධිය වෙනුවෙන් පමණි.
එසේම මෙම ඉඩම වන්දි ගෙවා හෝ නොගෙවා අත්පත් කරගැනීමට 1996 අංක 18 දරණ ශ්‍රී ලංකා දක්ෂිණ සංවර්ධන පනතේ 17 (1) මගින් විදිවිධාන සලසා තිබේ. එයට අනුව මහජන අරමුණු වෙනුවෙන් මෙම අත්පත් කරගත හැකි අතර, වහාම මෙම විනාශය නවත්වන ලෙස විධානයක් නිකුත් කිරීමට ප්‍රාදේශීය ලේකම්ට බලය ලැබේ. නමුත් මෙම ස්ථානයේ කිසිවක් මහජන අරමුණු වෙනුවෙන් සිදු නොවන අතර මහජනතාව පීඩාවට පත් වීමක් සිදුවන බැවින් නීතියට අනුව අත් පත් කර ගත නොහැක. එසේම ඉඩම් නැවත ලබාගැනීමේ (පුනර්ග්‍රහණය කිරීමේ ) (සංශෝධන) ආඥාපනතේ 2 (1) වගන්තියට අනුව අවුරුදු 8 ක් හෝ ඊට වඩා වැඩි කාලයක් අත්හැර දමා ඇති බවට රජයේ නියෝජිතයාට පෙනී යන කල ඒවා පවරා ගැනීමට හැකිය. නමුත් එයද මහජන ආරක්ෂාව වෙනුවෙන් පමණක් කල හැකි අතර මෙසේ පරිසර විනාශයකට අත්පත් කර ගත නොහැක. කෙසේ වුවත් වනජීවී රක්ෂිතයකට අයත් ඉඩම් අත් පත් කරගැනීමට දිස්ත්‍රික් ලේකම්ටවත් නීතියෙන් බලයක් ලැබී නැත.
මෙම සිද්දියේදී අදාල පොලිසියේ නිලදාරීන්ට ද එසේ අපරාධ චෝදනා යටතේ නඩු පැවරිය හැකිය. මෙම කාරණාවේදී ඒ ඒ නිලදාරීන්ට විරුද්ධව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 56, 90, 100, 102, 112, 113,120, 199, 214,215, 216, 261, 289, 330, 340, 372 යන අංක යටතේ නඩු පැවරිය හැකිය. ඒ සදහා වෙනමම සාක්ෂි අවශ්‍ය නොවේ. මේ සිදුවීම් වලින්ම සාක්ෂි තිබේ.
මේ නීති පොත ක්‍රියාත්මක නොවීමෙන් පීඩා විදින ජනතාව බොහෝ ප්‍රදේශ වලින් දැකිය හැකිය.