ඇඹිලිපිටිය මූලස්ථාන පොලිස් පරික්ෂක ගොරක දඩමස් කරයි.

රට හැමතැනම ඉන්ධන සොයා වැටලීම් කරන නමුත් ඒවායේ අඩු පාඩු ඕන තරම් අප දැක තිබේ. ශ්‍රී ලංකාව තුල ඇතිව තිබෙන සියලුම ප්‍රශ්නවලට දේශපාලකයන් මෙන්ම පොලිස් නිලධාරින්ද මූලිකවම වගකිව යුතුය. එයට වගකිව යුතු පොලිස් නිලධාරීන් වන්නේ දේශපාලනය කරන පොලිස් නිලධාරින්ය. ආණ්ඩු මාරුවන විට දේශපාලකයන්ගේ හීලෑ බලු පැටවූ වූ නුසුදුසු නිලධාරීන් තමන්ගේ පොලිසියේ පෝලිස් ස්ථානාධිපති කර ගනී. එහි සත්‍ය පසුගිය දිනයක එලි දැක්වුයේ පොලිස්පති විසින්ම සකසන ලද ලිපියක් මාධ්‍ය අතට පත් වීමත් සමගය. දේශපාලකයන්ට බලමෙහෙවරකම් කර තනතුරු ලබා ගත් ස්තානධිපතිවරුන්ට නීතිය බැරි බවද, තක්කඩි වැඩ නම් කල හැකි බවද මේ වන විට ශ්‍රී ලංකාවේ හතර දිග බාගයෙන් වාර්තා වේ.

ඉන්ධන හල් වල ඉන්ධන රඳවා ගනිමින් කරන නාටකද මෙරට ජනතාව මේ වන විට හොදින්ම හදුනාගෙන තිබේ. පොලිසිය ඇතුළු විවිධ තරාතිරම් වල ජනතාව වෙනුවෙන් සෑම ඉන්ධන හලකම ලීටර් දහසකට වඩා රදවා ගනී. ඔවුන් බෙදා හරින්නේ මධ්‍යම රාත්‍රියේ හොර රහසේමය. ඒ පිලිබදව දැනුවත් ජනතාව කතා කරන විට ඔවුන්ව බලහත්කාරයෙන් අත් අඩංගුවට ගැනීම්ද බහුලව දක්නට තිබේ. එහෙත් පොලිස් නිලධරීන් දැන ගත යුත්තේ ඔවුන් නටන්නේ එළිපිට බවයි.

මීට දින කිහිපයකට පෙර “ ඉන්ධන සගවාගෙන ඉන්නවා” යයි කියූ තරුණ අභ්‍යාස ලාභී උපාධි දාරියෙකුට ඉන්ධන හල පසුපසට ගෙන ගොස් පහර දී අධිකරණයට ඉදිරිපත් කර සිද්ධියක් අපට වාර්තා වන්නේ ඇඹිලිපිටින්ය. ඔහු මේ වන විට දින 14 ක් බන්ධනාගාර ගත කර තිබේ. එම සිද්ධිය පිළිබදව සත්‍ය තොරතුරු තවමත් අප වෙත ලබමින් තිබෙන බැවින් එම තරුණයා ඇප ලබා යම් දිනයක පැමිණි පසු සියලුම තොරතුරු වාර්තා කිරීමට අප මේ වන විටත් කටයුතු කර තිබේ. ඒ පොලිස් ලෝකා කවුදැයි යන්නද අප මේ වන විටත් සොයාගෙන අවසන් අතර කතා කිරීමේ නිදහසට බාදා කරමින් ඉන්ධන හල පිටුපසට රැගෙන ගොස් පහරදීමට පොලිස් ලොක්කන්ට හෝ පොඩ්ඩන්ට බැරි බව ද එය එසේ වීමෙන් කියවෙන්නේ ඔවුන් පොලිස් නිලධරීන් නොවේ, අවි ගත් පාතාල සාමාජිකයන් බවයි.

නමුත් මේ පොලිසියම, මේ මූලස්ථාන පොලිස් පරික්ෂකවරයාම පසු ගිය දිනක ප්‍රදේශයේ  ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ කර්මන්තශාලාවකින් හමු වූ ඉන්ධන ලීටර් 15000 කට වඩා වැඩි ප්‍රමාණයක් අත් හැර පැමිණ තිබේ. අප කිසිවිටකත් ව්‍යාපාරිකයන්ගේ කර්මාන්තශාලාවල ඒවා පවත්වාගෙන යාමට තිබෙන ඉන්ධන අත් අඩංගුවට ගත යුතු බව පවසන්නේ නැත. ඔවුන්ට ඉන්ධන නොමැතිවීම යනු තවත් සිය ගනනාවක් කුසගින්නේය. රට පුරාම රථවාහන තිබෙන පුද්ගලයන්ගේද ඉන්ධන මේ වන විට අත් අඩංගුවට ගෙන තිබේ. ඒවා සුදුසු යයි අප කිසිදා අනුමැත කරන්නේද නැත. නීතියට අනුව, එම වරද නිසා තවත් සිය ගනනාවක් මිනිසුන්ගේ කුස ගන්නේ නිවෙ නම් ඒවා වැරදි නොවන බවද සදහන් වන්නේද නීතියේමය. නමුත් ඉන්ධන අත් හැර පැමිණ අඩු ප්‍රමාණයකට නඩු පවරන්නද හැකියාවක් නැත. නීතිය නම් එය නමුත් ගොරක දමස් කිරීමට එහායින් ගිය නවීන තාක්ෂණයක් ලෝකය පුරා විහිදී තිබෙන බවද දැනගනිම කාට කාටත් යහපතක් වනු ඇත.

නමුත් තමන්ගේ දෙනෙතින් දකින අසාධාරනකම් වලට කතා කිරීමට ඉඩ ලබා නොදෙන පොලිසියම, නීති පොතට වර්චස් කරන්නේ නම් එයට කිසිසේත්ම ඉඩක් ලබා නොදීමට උසස් පොලිස් නිලධාරීන් වගබලා ගත යුතුය. දේශපාලකයාගේ ලිපියෙන් ස්ටානාධිපතිවරුව සිටින බොහෝ OIC ලා උසස් පොලිස් නිලධාරින්ගේ අණට කීකරු නැතිබවද නොරහසකි.          

Exit mobile version