ඇඹිලිපිටිය ශ්‍රී සංඛපාල විහාර භාරකාර හිමි – කොකාවල කෝෂල හිමිට විරුද්ධව තවත්  පැමිණිල්ලක් –

ඇඹිලිපිටිය ශ්‍රී සංඛපාල විහාර භාරකරු කොකාවල කෝෂල හිමිට විරුද්ධව තවත්  පැමිණිල්ලක් ගොඩකවෙල පොලිසිය වෙත යොමුව තිබෙනවා. ඒ ඉඩම් ආරවුලක් පිලිබදව සහ පුතාට කසිප්පු පොවා පියාට පහර දීමක් ද පිලිබඳවයි.

සංඛපාල රජමහා විහාරය සතුව තිබෙන්නේ ඉඩම් අක්කර 75 ක් පමණක් බව අප මීට පෙර වාර්තා කර තිබෙන නමුත් අක්කර දහස් ගනනක් තමන්ට හිමි බව සදහන් කරමින් රජයට සහ පුද්ගලයන්ට අයත් ඉඩම් වලට මුදල් ලබා ගෙන තිබෙන අතර වංචනික අකාරයෙන් ඔප්පුද සකසා තිබේ.

එසේම පනහඩුව රන්මිණිකොත පැරණි වෙහෙරටද කූට ලේඛන සකසා තිබෙන බවද, පනහඩුව මීගහයාය ප්‍රදේශයේ ජනතාවට අයත් ඉඩම් බලහත් කාරයෙන් අත් පත් කරගැනීම ඇතුළුව ජනතාව කුපිත කරවන කටයුතු ගනනාවක් මෙන්ම වංචා සහ දූෂණ වලට මෙම හිමි නම සම්බන්ධ බව ඉතාම පැහැදිලි සාක්ෂි අප ආයතනය වෙත ලැබී තිබේ.

එසේම පොලිස් අධිකාරිවරයෙකුට සහ උඩවලව පොලිස් ස්තානාධිපතිටද අක්කර 8 ක රජයේ ඉඩමක් සංඛපාල නින්දගමට අයත් ලෙස සලකා ලබා දී තිබේ. අක්කර දහස් ගණනක වැසියන් මේ හිමිගේ කරදර නිසා පීඩා විදින නමුත් පොලිස් නිලදාරීන් මෙන්ම අනෙකුත් රාජ්‍ය නිලදරීන්ද මේ හිමිනමට බියේ හෝ බුදු දහමට තිබෙන ගරුත්වය මත ජනතාවට යුක්තිය ඉටු කර දී නැත. දසක ගනනාවක් තිස්සේ මේ ඉඩම් ගැටලුවෙන් මේ ජනතාව පීඩා විදිති.

බුදු දහමේ ඉගැන්වෙන හිමිවරුන් අනුගමනය කලා යුතු සීලයට අනුව පමණක් යම් හිමිනමක් කටයුතු කරන්නේ නම් ඒ හිමිනම සැබෑම බෞද්ධ ශ්‍රාවකයන් වහන්සේ කෙනෙකු වන අතාර එසේ නොකරන පුද්ගලයන් බුදු රජාණන් වහන්සේ අපට උගන්වන අකාරයේ අපගේ ශ්‍රාවකයන් වහන්සේලා නොවේ. එවැනි සත්‍ය සහ සැබෑම ශ්‍රාවකයන් වහන්සේලා මේ මව් බිමේ ඕනා තරම් වැඩ සිටිති.

මොහුට විරුද්දව අති කිසිදු පැමිණිල්ලක් විභාගය සදහා පොලිසි වලට නොයන අතාර පොලිසි වලට විවිද බලපෑම් හෝ යම් යම් කරුණු පවසමින් මගහරින බවද සදහන් වේ. පසු ගියදා රත්නපුර – ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගය පැය දෙකකට ආසන්න කාලයක් ජනතාවවිසින් වසා දැමීමට කටයුතු කල හේතුව නිර්මාණය කලා පුද්ගලයන්ගෙන් එක් අයෙකු වන්නේ මෙම හිමි නම වන අතර විවිධ ප්‍රසිද්ද පුද්ගලයන් සමග එක්ව ජනතාව පීඩාවට පත් කරන මේ හිමි නමට නීතියක් ක්‍රියාත්මක නොවන්නේද?. කෙසේ වුවත් මේ වන විටත් විවිද නඩු 3 ක් පැවරීමට කටයුතු කෙරෙමින් තිබෙන අතාර කූට ලේඛන සැකසීම ඇතුළුව ජනතාවට පීඩා කිරීම් පිලිබදව පොලිසිය හරහා අපරාධ නඩු පැවරෙන තෙක් අපද බලා සිටින අතාර ඒ සදහා ඕනෑවටත් වඩා සාක්ෂි ද අප අයතණය සතුව තිබේ. ඉඩම් නඩු විමසීම සදහා පොලිසියට බලයක් නැති වුවත් වංචා, කූට ලේඛන සැකසීම, මහජන පීඩා මෙන්ම මහජනතාව ප්‍රකෝප කරවීම් ඇතුළු සිද්දීන් මේ පැමිණිල්ල තුලින් සාක්ෂි සහිතවම කියවෙන බැවින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයෙන් නඩු පැවරීම පොලිසිය විසින් කල යුතුය .

https://www.ravanalankanews.lk/10172/03/%e0%b6%b4%e0%b7%90%e0%b6%b8%e0%b7%92%e0%b6%ab%e0%b7%92%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd-%e0%b6%ba%e0%b7%9c%e0%b6%af%e0%b7%8f-%e0%b6%b8%e0%b7%8f%e0%b7%83-%e0%b6%ad%e0%b7%94%e0%b6%b1%e0%b6%ba%e0%b7%92/21/13/
https://www.ravanalankanews.lk/9697/02/%e0%b6%af%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b7%8a-%e0%b6%bd%e0%b7%9a%e0%b6%9b%e0%b6%b8%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%9c%e0%b6%bd%e0%b7%8a%e0%b6%b6/07/01/
https://www.ravanalankanews.lk/10172/03/%e0%b6%b4%e0%b7%90%e0%b6%b8%e0%b7%92%e0%b6%ab%e0%b7%92%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd-%e0%b6%ba%e0%b7%9c%e0%b6%af%e0%b7%8f-%e0%b6%b8%e0%b7%8f%e0%b7%83-%e0%b6%ad%e0%b7%94%e0%b6%b1%e0%b6%ba%e0%b7%92/21/13/
Exit mobile version