ඇඹිලිපිටිය සහ කලවාන නගර වල අදත් ගුරු/ විදුහල්පති උද්ඝෝෂණ.

ඇඹිලිපිටිය සහ කලවාන නගර වල අදත් ගුරු/ විදුහල්පති උද්ඝෝෂණ.

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය හේතුවෙන් රට පුරා
පැවැත්වෙන උද්ඝෝෂණ මාලාවෙහි තවත් උද්ඝෝෂණ දෙකක් අද ඇඹිලිපිටිය නගරයේදී සහ කලවාන නගරයෙදී පැවැත්වුවා. 1997 සිට පැවැත්වෙන මෙම වැටුප් විෂමතාවයන් නිවැරදි කරන ලෙස ඉල්ලමින් මෙම උද්ඝෝෂණ පැවැත්වෙනවා. කෙසේ වුවත් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසන්නේ , කොවිඩ් ව්‍යාප්තිය වැඩි වීම සදහා මෙම උද්ඝෝෂණ බලපාන බවත්, “කොවිඩ් ගුරු පොකුර” නමින් අලුත් කොවිඩ් රැල්ලක් නිර්මාණය වීමටද ඉඩ තිබෙන බවය. මේ අතර , උද්ඝෝෂණ සදහා සහභාගී වන ගුරුවරුන් පවසන්නේ ස්ථීර විසදුමක් ලැබෙන තුරු මෙය දිගටම පවත්වන බවය. ඒ අතර මෙම වැටුප් සංශෝධනය සදහා කැබිනට් පත්‍රිකාවක් අද ඉදිරිපත් කිරීමට නියමිතය. එසේම මෙම විෂමතාවය නිවැරදි කිරීම සදහා බදු වැඩි කල යුතු බවද පසු ගිය දිනක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරන ලදී. මේ අතර පෞද්ගලික උපකාරක පන්ති පවත්වන පාසල් ගුරුවරු තම ඉගැන්වීම් කරගෙන යන අතර ඒ සදහා විවිධ ක්‍රම බාවිතා කරමින් මුදල් ලබා ගැනීම සිදු කරයි.

Exit mobile version