ඇල්ල ප්රදේශයේ සංචාරය කළ පුද්ගලයෙකු ඊයේ (22) රාත්රියේ අවාසනාවන්ත අනතුරකට මුහුණදී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
පොලීසිය සඳහන් කළේ ඊයේ උදෑසන මිතුරෙකු සමග ඇල්ල කඳුවැටියට නැග සවස් කාලයේදී ඉන් බැසීමට ගිය පුද්ගලයෙකු ප්රපාතයකට ඇදවැටී මෙලෙස මියගොස් ඇති බවයි.
ඔහු 32 හැවිරිදි බොරගොල්ල බේරුවල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මෙලෙස රාවනා ඇල්ල ප්රදේශයෙන් ඇද වැටුණු පුද්ගලයාව වැල්ලවාය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණත් ඔහු මියගොස් තිබූ බවට පොලීසිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.