ඇල්ල – පස්සර මාර්ගයේ නායයෑමක්

ඇල්ල – පස්සර මාර්ගයේ 16 වන කිලෝමීටර් කණුව අසල නායයෑමක් සිදුව ඇත.

මේ හේතුවෙන් එම මාර්ගය තාවකාලිකව වසා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර ඇති බව වාර්තා වේ.

මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළේ නායයෑම හේතුවෙන් මාර්ගයට ගල් හා පස් කඩා වැටීම නිසා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පරීක්ෂාවක් සිදු කිරීමෙන් අනතුරුව මාර්ගය නැවත විවෘත කරන බවයි.

Exit mobile version