ඇවිදගෙන ගිය සැකකාර ඇමති බන්ධනාගාර රෝහලෙන් නවතී.

මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් පෙබරවාරි 15 ​​වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල වෛද්‍ය නිර්දේශ මත බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව අද (03) හවස ප්‍රකාශ කලේය.

කෙසේ නමුත් රඹුක්වැල්ලගේ ඉතාම සුවදායක ලෙස ගමන් කරන ආකාරය දර්ශනය වු අතර, යහමින් මුදල් හදල් තිබෙන බොහෝ දෙනෙකු , මෙන්ම වැරදි වැඩ කලත් උද්දච්ච වු , ඒවා පිළිගැනීමට අකමැති බොහෝ දෙනාගේ ඉලක්කය වන්නෙ බන්ධනාගාර රෝහලයි.

ව්‍යාජ හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් ලබාදීමේදී සිදු වූ දූෂණ වංචා සම්බන්ධයෙන් වත්මන් පරිසර ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ ය. ඒ වෙනුවෙන් සිවිල් සන්විදාන දැවැන්ත මෙහෙවරක් ඉටු කලේය.

කෙසේ නමුත් මෙම සිදුවීම ඉතිහාසගත වන්නේ අධිකරණයේ ස්වාධීනත්වය මනාව පෙන් වු අවස්තාවක් ලෙස මෙන්ම, කැබිනට් අමාත්‍යවරයෙක් තමන්ට බලය තිබෙන අවස්තාවේදීත් මෙලෙස අපරාධයක සැකකරුවෙක් ලෙස නම් කර රක්ෂිත බන්ධනාගාර ගත කල අවස්තාවක් ලෙසයි.

Exit mobile version